General22 October 2025

අවලංගු කළ දුම්රිය ගමන් කිහිපයක් යළි හෙට සිට

අවලංගු කෙරුණු දුම්රිය ගමන්වාර කිහිපයක් නැවතත් හෙට (23) දිනයේ ධාවනයට එක් වීම නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව හෙට (23) උදෑසන නුවර සිට කොළඹට පෙ:ව:4. 30, 5.00 සහ 6.15ට ගමන් කිරීමට නියමිත දුම්රිය 3ක් ධාවනය කෙරෙනු ඇති.

එමෙන්ම පෙ:ව:5.55 කොටුව-බදුල්ල මෙන්ම පෙ:ව:11.15 සහ දහවල් 12.35ට නුවර සිට බදුල්ලට දුම්රිය 2ක්ද ධාවනයට එක්වෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
Related Recommends
Hiru TV News | Programmes