පෞරාණික වටිනාකමින් යුතු නිධානයකින් ලබා ගත් බවට සැක කරන රන් පැහැති සමාධි බුදු පිළිම හතක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 13920ක් සමග පුද්ගලයන් දෙදෙනකු ඊයේ (24) අලුයම අත් අඩංගුවට ගත් බව බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරාඳුරුකෝට්ටේය් අගලඔය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32, 34, වයසේ පසුවන දෙදෙනකු යැයි පොලිසිය සඳහන් කරනවා.
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණගේ උපදෙස් බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිළධාරින් වෙස්වලාගෙන ගොස් මෙම වැටලීම සිදුකර තිබුණා.
එහිදී අගලඔය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සැකකරුගේ නිවසේ බුදු කුටියේ වන්දනා මාන කිරිමට තබා තිබු අනුරාධපුර ප්‍රදේශයේ නිධානයකින් ගත් බව කියන මෙම රන් පැහැති පෞරාණික වටිනා කමින් යුතු කුඩා සමාධි පිළිම හත පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා.
එසේම, සැකකරු සන්තකයේ තිබු අයිස් මත්ද්‍රව්‍ය 7170 සමග සැකකරු අත් අඩංගුවට ගෙන ඔහුගෙන් හෙළි කරගත් තොරතුරු මත අගලඔය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අනෙක් සැකකරු අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 6750 ක් සමග අත් අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.
Latest News
කේරල ගංජා මහා ජාවාරමෙක් කොටු
රන් පැහැ සමාධි බුදු පිළිම 07ක් සමග දෙදෙනෙක් අල්ලයි
මහියංගන රජ මහා විහාරයේ තඹ බුදු පිළිමය ඉස්සූ නරුමයන් සොයා විමර්ශන
නිදන් හාරන්න ගිය පස්දෙනාම මාට්ටු
ශ්‍රී පාදය වඳින්නට අවාරයේ පා ගමනින් යන රණවිරුවා
හොරණ නගර සභාවේ ලිපිකරුවෙක් කොතලාවල වැවේ ගිලී මිය යයි
ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක්
දකුණු ආසියානු මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට රන් සහ රිදී පදක්කම් (Update)
"අද රටේ තියෙන්නේ මිනිස් ජීවිත විනාශ කරන පාතාල සංස්කෘතියක්" - සජිත්
වැලිගම සභාපති ආරක්ෂාව ඉල්ලූ ලිපිය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්