දීර්ඝ කාලයක සිට ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් මෙරටට කේරල ගංජා ජාවාරමේ යෙදුණු මහා පරිමාණ ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.
එම සැකකරු සමඟ කේරල ගංජා කිලෝ 10කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ ගනේමුල්ල සංජීව අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියට ඉන්දියාවට පලායාම සඳහා යොදා ගත් බෝට්ටුව සැපයූ ‘ආනන්දන්’ නමැත්තාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව මෙම සැකකරු යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා.
අත්අඩංගුවට ගත් එම සැකකරු කේරල ගංජා මෙරටට ආනයනය කරන අතරතුරදී පාතාල කල්ලි සාමාජිකයන් ඉන්දියාවට රැගෙන ගියාද යන්න සොයා වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බව පොලිසිය සඳහන් කරනවා.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටිගේ මෙහෙයවීමෙන් එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේතුංග, සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකක 1 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර, පොලිස් සැරයන් 71285 මංජුල, පොලිස් කොස්තාපල්වරුන් වන 3122 උදයංග, 73198 පියරංජන, 94786 ප්‍රේමචන්ද්‍ර යන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.
Latest News
කේරල ගංජා මහා ජාවාරමෙක් කොටු
රන් පැහැ සමාධි බුදු පිළිම 07ක් සමග දෙදෙනෙක් අල්ලයි
මහියංගන රජ මහා විහාරයේ තඹ බුදු පිළිමය ඉස්සූ නරුමයන් සොයා විමර්ශන
නිදන් හාරන්න ගිය පස්දෙනාම මාට්ටු
ශ්‍රී පාදය වඳින්නට අවාරයේ පා ගමනින් යන රණවිරුවා
හොරණ නගර සභාවේ ලිපිකරුවෙක් කොතලාවල වැවේ ගිලී මිය යයි
ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක්
දකුණු ආසියානු මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට රන් සහ රිදී පදක්කම් (Update)
"අද රටේ තියෙන්නේ මිනිස් ජීවිත විනාශ කරන පාතාල සංස්කෘතියක්" - සජිත්
වැලිගම සභාපති ආරක්ෂාව ඉල්ලූ ලිපිය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්