General29 October 2025

පුටුවේ නායකයින් මහ රෑ හිටපු ඇමතිගේ නිවසේ

පොදුජන එක්සත් පෙරමුණේ නායකයින් සහ දේශපාලන පක්ෂවල නියෝජිතයින් කිහිප දෙනෙකුම පසුගිය (27)වැනිදා රාත්‍රී හිටපු ප්‍රබල අමාත්‍යවරයකු වන මහින්ද අමරවීරගේ කොළඹ පිහිටි නිවසේදී රැස්වී තිබෙනවා.

පෙරේදා රාත්‍රී මෙම හමුව සිදුවී ඇති අතර පැය දෙකට ආසන්න වේලාවක් වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන බව සඳහන්.

විශේෂයෙන්ම නොවැම්බර් 21 වැනිදා ආණ්ඩුවට එරෙහිව නුගේගොඩදී පවත්වනු ලබන "මහා ජනහඬ" රැළිය සඳහා ජනතාව දැනුවත් කරන ආකාරය සහ ඒ සඳහා දිස්ත්‍රික්ක සහ ආසන මට්ටමින් සංවිධායකවරුන් දැනුවත් කිරීම ගැන ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ඊට අමතරව පළාත් සභා මැතිවරණයක් පැවැත්වුවොත් ඊට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳවත් සාකච්ඡා කර තිබෙනවා.

ඊට අමතරව දිස්ත්‍රික් මට්ටමින් ජනතාව දැනුවත් කරීම සඳහා රැස්වීම් මාලාවක් පැවැත්වීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙනවා.


නොවැම්බර් 21 වැනිදා නුගේගොඩ පවත්වන රැළියට සමගි ජන බලවේගයේ බොහෝ පිරිසක් කැමැත්තෙන් සිටින බවත් එම රැළියට සජබ නාවත් ඔවුන්ගේ ආශිර්වාදය හිමිවන බවත් පොදුජන ඵක්සත් පෙරමුණේ පක්ෂ නායකයින් අතර සාකච්ඡා වී තිබෙනවා.

මෙම සාකච්ඡාවට නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක, අසංක නවරත්න,සුගීෂ්වර බණ්ඩාර ඇතුළු දේශපාලඥයින් රැසක්ම සහභාගි වී තිබෙනවා.


පැය දෙකකට ආසන්න කාලයක් මෙම සාකච්ඡා පැවැති අතර ඉන් අනතුරුව රාත්‍රී භෝජන සංග්‍රහය ද මහින්ද අමරවීර හිටපු අමාත්‍යවරයා විසින් සූදානම් කර තිබෙනවා.
Related Recommends
Hiru TV News | Programmes