General28 November 2025

ප්‍රේමදාස ක්‍රීඩාංගණයත් හදිසි ආපදා මධ්‍යස්ථානයක් වෙයි

ආපදාවට පත්වූවන් රඳවා තැබීම සඳහා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණය හදිසි ආපදා මධ්‍යස්ථානයක් ලෙස සැකසීමට කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී තීරණය වී තිබෙනවා.

ඒ මේ වනවිට කැළණි ගංගා ද්‍රෝණියට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති හේතුවෙන්.

ඒ අනුව, ඇහැළියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කැළණිය, වත්තල සහ කොළඹ ඇතුළු කැළණි ගං නිම්නයේ පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes