International08 January 2026

මදුරෝ අල්ලන මෙහෙයුමේදී වෙනිසියුලාවේ 100කට වැඩි පිරිසක් මරුට

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අල්ලා ගැනීම සඳහා ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසනවා.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩියොස්ඩඩෝ කැබෙල්ලෝ බදාදා රාත්‍රියේ ප්‍රකාශ කළේ, මේ වන විට මරණ 100ක් වාර්තා වී ඇති අතර තවත් ඒ හා සමාන පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මෙම ගැටුමට කිසිදු සම්බන්ධයක් නොමැති, තමන්ගේ නිවෙස්වල සිටි සිවිල් වැසියන් සහ කාන්තාවන් පවා රටට එල්ල වූ ප්‍රබල බෝම්බ ප්‍රහාරවලින් මියගොස් ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර කියුබානු රජය පසුගිය ඉරිදා ප්‍රකාශ කළේ, තම සන්නද්ධ හමුදා සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් රාජකාරි කරමින් සිටි තම පුරවැසියන් 32 දෙනෙකු මෙම සටන්වලදී මියගිය බවයි.

කෙසේ වෙතත්, අමාත්‍ය කැබෙල්ලෝ වාර්තා කළ මරණ 100 ට මෙම කියුබානු ජාතිකයන් ද ඇතුළත් ද යන්න ඔහු නිශ්චිතව ප්‍රකාශ කර නැහැ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ මෙම ප්‍රහාරයෙන් කිසිදු ඇමරිකානු සෙබළෙකු මිය නොගිය බවයි.

එහෙත් ප්‍රහාරය අතරතුර හෙලිකොප්ටර් යානයකට වෙඩි වැදීමෙන් ඇමරිකානු සෙබළුන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව ඔහු පවසා තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes