International12 January 2026

ඉරාන විරෝධතාවලින් මියගිය සංඛ්‍යාව 538 ඉක්මවයි

ඉරානය පුරා පවතින රජයට එරෙහි විරෝධතා හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 538 දෙනෙකුට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන ක්‍රියාකාරීන් උපුටා දක්වමින් ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) පුවත් සේවය වාර්තා කරනවා.

මියගිය පිරිස අතර විරෝධතාකරුවන් 490 දෙනෙකු සහ ආරක්ෂක අංශ සාමාජිකයින් 48 දෙනෙකු වන බව හඳුනාගෙන තිබෙනවා.

විරෝධතා ආරම්භ වූ දා සිට මේ දක්වා පුද්ගලයින් 10,600කට අධික පිරිසක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මාස කිහිපයක් තිස්සේ පවතින මෙම විරෝධතා ඉරානයේ පාලන තන්ත්‍රයට එල්ල වී ඇති ප්‍රබල අභියෝගයක් බවට පත්ව ඇති අතර, එරට ප්‍රධාන නගර රැසක තවදුරටත් නොසන්සුන්කාරී තත්ත්වයක් පවතී.
Related recommendation
Hiru TV News | Programmes