පැය තුනක සංචාරයක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් ඉන්දියාවට පැමිණ තිබුණා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, එහිදී ඔහුට ඉන්දීය රජයෙන් ඉහළ පිළිගැනීමක් හිමිවූ බවයි.
එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා පිළිගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගුවන් තොටුපළට පැමිණ සිටීම ද විශේෂත්වයක් යනුවෙනුයි එම මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.
එහිදී නායකයින් දෙදෙනාම එකිනෙකා වැළඳ ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.
මේ අතර එක්සත් අරාබි එමීරයේ ජනාධිපතිවරයාගේ පැමිණීම පිළිබඳ X හි සටහනක් පළ කරමින් ඉන්දීය අගමැති මෝදි පවසා තිබුණේ,"මගේ සහෝදරයා පිළිගැනීමට" ගුවන් තොටුපළට ගිය බවයි.
"මගේ සහෝදරයා වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති අතිගරු ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් පිළිගැනීමට ගුවන් තොටුපළට ගියා. ඔහුගේ සංචාරය ශක්තිමත් ඉන්දියාව-එක්සත් අරාබි එමීර් රාජ්‍ය මිත්‍රත්වයකට ඔහු දක්වන වැදගත්කම පෙන්නුම් කරයි. අපගේ සාකච්ඡා බලාපොරොත්තුවෙන් සිටිමු," අගමැති මෝදි එම සටහනේ දක්වා තිබුණා.
නායකයින් දෙදෙනා ගුවන් තොටුපළේ සිට එකම මෝටර් රථයකින් එකට ගමන් කර තිබුණා.
මෙම සංචාරය බටහිර ආසියාවේ ආතතීන් උත්සන්න වී ඇති අවස්ථාවක සිදු වන අතර, ඉරාන-ඇමරිකානු සබඳතා බිඳ වැටීම, ගාසා තීරයේ අඛණ්ඩ අස්ථාවරත්වය සහ තවත් කලාපීය අර්බුද කිහිපයක් මධ්‍යයේ සිදු වීම විශේෂත්වයක්.

Latest News
කපිල චන්ද්‍රසේනගේ ඇප අවලංගු කර රිමාන්ඩ් කරන්න - අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලයි
Local
07 May 2026
ලාෆ් ගෑස්වලින් උයන ආපනශාලාවල රයිස් මිල රුපියල් 25කින් සහ කිරි තේ මිල රුපියල් 10කින් ඉහළට
Local
07 May 2026
මඩකලපුව කොට්ඨාශ බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු දෙදෙනා යළි රිමාන්ඩ්
Local
07 May 2026
දෙහිවල ලක්ෂ 13ක් අරන් පැන්න කොල්ල කල්ලියේ කතුන් 06ක්
Local
07 May 2026
යුද්ධය අවසන් කිරීම සඳහා වූ අමෙරිකානු යෝජනාව තවමත් සලකා බලමින් සිටින බව ඉරානය කියයි
Local
07 May 2026
වියට්නාම ජනපතිගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
Local
07 May 2026
තෝරාගත් අමෙරිකානු iPhone පරිශීලකයින් පිරිසකට ඩොලර් මිලියන 250ක වන්දියක්
Local
07 May 2026
ඉන්දු - වියට්නාම නායකයින් අතර හමුවක්
Local
07 May 2026
රතුගල ආදිවාසී නායකයා අභාවප්‍රාප්ත වෙයි
Local
07 May 2026
හෝමුස් යළි විවෘත කිරීමේ සැලසුමෙන් ට්‍රම්ප් හදිසියේම පසුබසියි
Local
07 May 2026