ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) කැස්බෑව ආසන සංවිධායකවරයා ලෙස ජනප්‍රිය රංගන ශිල්පී රජිත හිරාන් (පිං පොං) පත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා එම පක්ෂය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
කැස්බෑව ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක අජිත් නාරගල පවසන්නේ රජිත හිරාන්ගේ දේශපාලන පත්වීමක් සම්බන්ධයෙන් පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
අද (29) වැනිදා පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් කැස්බෑව පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයක් පවත්වා තිබුණා.
මෙම අවස්ථාවට දේශපාලනඥයන් මෙන්ම විශාල කලාකරුවන් පිරිසක් ද සහභාගී වුණා.
එහිදී රජිත හිරාන් අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තබන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වී තිබෙනවා.
එම ඡායාරූපය උපයෝගී කරගනිමින් ඔහු කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර ඇති බවට ඇතැම් පාර්ශ්ව වැරදි තොරතුරු ප්‍රචාරය කර තිබෙන බවයි සඳහන්.
පක්ෂයට සහය දක්වන ජනප්‍රිය චරිත අධෛර්යමත් කිරීමේ අරමුණින් මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරුවන බවත්, එවැනි ක්‍රියා පිළිගත නොහැකි බවත් අජිත් නාරගල වැඩිදුරටත් අවධාරණය කරනවා.

Latest News
සාමසාධක මෙහෙයුමේදී ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරත්වය එක්සත් ජාතීන්ගේ ඇගයීමට
Local
02 July 2026
කොංගෝව පරදා එංගලන්තයට ජය
Local
01 July 2026
"හාල් ණය ගෙව්වේ නැත්නම් බත් මුට්ටි තමයි උස්සන් යන්න වෙන්නේ" - නාමල් රාජපක්ෂ
Local
01 July 2026
ඇට්ලන්ටා පිටිය කැළඹෙයි එංගලන්තය පසුපසට ඇදෙමින් කොංගෝව පෙරමුණේ
Local
01 July 2026
ශ්‍රී ලංකාව යළි ‘ඉහළ මධ්‍යම ආදායම් ලබන’ රටවල් අතරට: ලෝක බැංකුවෙන් වර්ගීකරණයක්
Local
01 July 2026
ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 150ක ප්‍රතිපාදන
Local
01 July 2026
ගලි බවුසර් 100ක් ගන්න කැබිනට් අනුමැතිය
Local
01 July 2026
නව නාවික හමුදාපති සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්
Local
01 July 2026
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු රාජකාරී අරඹයි
Local
01 July 2026
බලවේග කට්ටලයක් නැතිව කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් අවලංගුයි:
Local
01 July 2026