International02 February 2026

Lady Gaga, 68 වැනි ග්‍රැමී සම්මාන උළෙලේදී " Abracadabra " ගීතය වෙනුවෙන් හොඳම නර්තනමය පොප් ගීතය සඳහා වන සම්මානයෙන් පිදුම් ලබයි

68 වැනි ග්‍රැමී සම්මාන උළෙලේදී, Lady Gaga, " Abracadabra " ගීතය වෙනුවෙන් හොඳම නර්තනමය පොප් ගීතය සඳහා වන සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

ඊයේ (01) ලොස් ඇන්ජලීස් නුවර Crypto.com Arena හි පැවැත්වුණු මෙම සම්මාන උළෙල ලේඩි ගාගා හට ඉතා සාර්ථක රාත්‍රියක් වුණා.

ඇගේ නවතම ඇල්බමය වන “Mayhem” ද මෙහිදී හොඳම පොප් වෝකල් ඇල්බමය (Best Pop Vocal Album) ලෙස සම්මානයට පාත්‍රවීම විශේෂත්ව‍යක්.

ලේඩි ගාගා සිය රංගනය සඳහා සූදානම් වෙමින් සිටි බැවින්, ඇය වෙනුවෙන් නිෂ්පාදකවරුන් වන ඇන්ඩෘ වොට් සහ සර්කට් සම්මානය පිළිගනු ලැබුවා.

ඇය සිය “Abracadabra” ගීතයේ රොක් (Rock) සංස්කරණයක් වේදිකාව මත ඉදිරිපත් කරමින් ප්‍රේක්ෂකයින් මවිතයට පත් කළ අතර මෙම ගීතය වසරේ විශිෂ්ටතම ගීතය (Song of the Year) සහ වසරේ විශිෂ්ටතම පටිගත කිරීම (Record of the Year) යන ප්‍රධාන කාණ්ඩ යටතේද නිර්දේශ වී තිබුණා.

මෙම ජයග්‍රහණයත් සමඟ ලේඩි ගාගා සතු මුළු ග්‍රැමී සම්මාන සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes