බංග්ලාදේශය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර නව ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව බංග්ලාදේශ අපනයන සඳහා පනවා තිබූ තීරුබදු 19% දක්වා අඩු කිරීමට ඇමරිකාව පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මීට පෙර 37% මට්ටමේ තිබූ තීරුබදු පසුව 20% දක්වා අඩු කෙරුණු අතර, නව ගිවිසුම යටතේ එය 19% දක්වා තවදුරටත් අඩු කර ඇති බව සඳහන්.
ඇමරිකාවේ නිෂ්පාදිත කපු සහ කෘතිම නූල් (man-made fiber) භාවිතයෙන් නිපදවන බංග්ලාදේශ ඇඟලුම් සඳහා ශුන්‍ය (0%) තීරුබදු සහනයක් ලබා දීමට යාන්ත්‍රණයක් සකස් කිරීමට ඇමරිකාව එකඟ වී තිබෙනවා.
මෙම සහනයත් සමඟ බංග්ලාදේශයට තම අසල්වැසි ඉන්දියාව (තීරුබදු 18%) සමග ඇමරිකානු වෙළඳපොළ තුළ වඩාත් හොඳින් තරග කිරීමට අවස්ථාව හිමි වනවා.
නව ගිවිසුමට අනුව බංග්ලාදේශය ද ඇමරිකානු නිෂ්පාදන සඳහා සිය වෙළඳපොළ විවෘත කිරීමට එකඟ වී තිබෙන බව සඳහන්.
රසායනික ද්‍රව්‍ය, වෛද්‍ය උපකරණ, යන්ත්‍ර සූත්‍ර, වාහන අමතර කොටස්, සෝයා, කිරි නිෂ්පාදන සහ මස් වර්ග සඳහා බංග්ලාදේශ වෙළඳපොළ තුළ විශේෂ ප්‍රවේශයක් හිමි වනවා.
බංග්ලාදේශය ඇමරිකාවෙන් බෝයිං (Boeing) ගුවන් යානා 14ක් මිලදී ගැනීමටත්, ඉදිරි වසර 15 තුළ ඩොලර් බිලියන 15ක බලශක්ති නිෂ්පාදන සහ ඩොලර් බිලියන 3.5ක කෘෂිකාර්මික නිෂ්පාදන මිලදී ගැනීමටත් එකඟතාව පළ කර ඇති බවයි සඳහන්.
මෙම ගිවිසුම යටතේ බංග්ලාදේශය ජාත්‍යන්තරව පිළිගත් කම්කරු අයිතිවාසිකම් සුරැකීමට සහ පරිසර ආරක්ෂණ නීති ශක්තිමත් කිරීමට ද පොරොන්දු වී තිබෙනවා.
මාස නවයක සාකච්ඡා වටයකින් පසු එළඹුණු මෙම තීරණය බංග්ලාදේශ ආර්ථිකයේ කොඳු නාරටිය බඳු ඇඟලුම් ක්ෂේත්රයට විශාල සහනයක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Latest News
මතුගම වෙඩි තැබීමක්
Local
11 July 2026
අම්බලන්ගොඩ සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් නීතිවිරෝධී ගිනි අවියක් සමග අත්අඩංගුවට
Local
11 July 2026
පාපන්දු ලෝක කුසලාන අවසාන මහා තරගය පැවැත්වෙන තණ තීරුව කොටස් කර විකිණීමට සැරසෙයි
Local
11 July 2026
අධිකරණ සේවා සංගමයේ සභාපති හදිසියේම ඉල්ලා අස්වෙයි !
Local
11 July 2026
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්
Local
11 July 2026
80 වැනි බ්‍රැඩ්බි පලිහ ශූරතාවයේ පළමු අදියරේ විශිෂ්ට ජයක් ත්‍රිත්ව විදුහලට
Local
11 July 2026
වියට්නාමයේ දරුණු බෝට්ටු අනතුරක්: ඉන්දීය සංචාරකයින් 15ක් ජීවිතක්ෂයට
Local
11 July 2026
කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් අයෝමාල් අකලංකට රිදී පදක්කමක්
Local
11 July 2026
‘අයන් ඩෝම්’ මිසයිල ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට සැරසෙයි
Local
11 July 2026
වාරි ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීමක්
Local
11 July 2026