Sports11 July 2026

කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් අයෝමාල් අකලංකට රිදී පදක්කමක්

ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩක අයෝමාල් අකලංක ආසියානු අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.

ඒ මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් වන අතර තරගය නිමා කිරීම සඳහා ඔහු ගත කළ කාලය තත්පර 49.03ක්.

මෙය නව ශ්‍රී ලංකා වාර්තාවක් වන අතර එය වසර 26ක් පැරණි වාර්තාවක් අලුත් කිරීමක්ද වනවා.

මීට පෙර මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේ ප්‍රවීණ මලල ක්‍රීඩක හරිජන් රත්නායකයි.

ඔහු 2000 වසරේ අගෝස්තු 31 වැනිදා ජකර්තා නුවර පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී තත්පර 49.44ක කාලයකින් එම වාර්තාව පිහිටවූවා.

තරගාවලිය චීනයේ පැවැත්වෙනවා.
Related Recomands
Hiru TV News | Programmes