General09 April 2026

ගල් අඟුරුවලින් කෝප් කමිටුවත් රත් වෙයි

බාල ගල් අඟුරු සම්බන්ධයෙන් විමර්ශනය කෙරුණු පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා(කෝප් කමිටුව)රැස්වීම අද(09) දින උණුසුම් වාද විවාද මධ්‍යයේ පැවති බව පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවනවා.


අද සවස 2.00සිට රාත්‍රී 8.30දක්වා පැය 6 1/2ක කාලයක් කෝප් කමිටුව රැස්වී තිබෙනවා.

කෝප් කමිටුව රැස්වූයේ එහි සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීරගේ ප්‍රධානත්වයෙන්.

බාල ගල් අඟුරු ආනයනයේදී නොදැනුවත්ව වරදක් සිදුවී ඇති බවට කමිටු සාමාජිකයින් පිරිසක් තර්ක කරද්දී තවත් පිරිසක් තර්ක කර ඇත්තේ දැනගෙනම වරදක් සිදුකර ඇති බවයි.


ගල් අඟුරු ආනයනය,නොරොච්චෝලේ තාප බලාගාරයේ විදුලිය ජනනය කිරීම,ගල් අඟුරු සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාව,ගල් අඟුරු ගැන රසායනාගාර පරීක්ෂණ වාර්තා ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන්.

කෝප් කමිටුව නියෝජනය කරන ආණ්ඩුවේ ජනතා නියෝජිතයින් කිහිපදෙනෙක්ම සවස 2.00 සිට රාත්‍රී 8.30 දක්වාම මෙහි රැඳී සිට ඇති අතර විපක්ෂය වෙනුවෙන් සුජීව සේනසිංහ,ඩී.වී. චානක යන මන්ත්‍රීවරුන් දෙදෙනා දිගටම මෙම කමිටුවේ රැඳී සිට ඇති බව වාර්තා වෙනවා.

බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්,ලංකා ගල් අඟුරු සමාගමේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම කෝප් කමිටු රැස්වීමට පැමිණ තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes