General10 April 2026

ලයිට් කපන්න ඕන ජවිපෙ මන්ත්‍රීවරුන්ගේ ගෙවල්වල: චාමර සම්පත්

ඉදිරියේදී විදුලි කප්පාදුවක් එනවා නම් විදුලිය කැපිය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වල බවත් අනිත් අයගේ නිවෙස්වල විදුලිය කැපීම නොකළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද(10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.


මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙමින් පවතින විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින්.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔවුන්ගේ නිවෙස්වල විදුලිය විසන්ධි නොකර අනෙකුත් අයගේ නිවෙස්වල විදුලිය විසන්ධි කිරීම අසාධාරණ බවයි මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙනු ලැබුවේ ලැබුවේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චාමර සම්පත් දසසනායක මන්ත්‍රීවරයා මෙසේද ප්‍රකාශ කළා.



එදා ඉඳලා විදුලි බලාගාර හදන එකට ජනතාව විමුක්ති පෙරමුණ විරුද්ධව උද්ඝෝෂණ කළා.

එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හදනකොටත් ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වුණා.

උමා ඔය හදනකොටත් විරුද්ධ වුණා.

ලක්ෂපාන ජල විදුලි බලාගාරය හැදුවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය.


වික්ටෝරියා, රන්දෙණිගල, කොත්මලේ ඇතුළු මහවැලි ව්‍යාපාරය සමග ජල විදුලි බලාගාර හැදුවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින්.


අවුරුදු 76 ට බනින ජනතා විමුක්ති පෙරමුණට මේ විදුලි බලාගාර එදා හිටපු නායකයින් හැදුවේ නැත්නම් අද විදුලිය කොහෙත්ම නෑ. ගෙවල්වල


ඒක නිසා විදුලි බලාගාර ඉදිකිරීමට එදා ඉඳන්ම විරුද්ධ වුණු ජනතා විමුක්ති පෙරමුණට අද අපේ ගෙවල්වල ලයිට් කපන්න හම්බවෙන්නේ නෑ. ඒගොල්ලන්ට ඕන නම් ඒගොල්ලන්ගේ ගෙවල්වල ලයිට් කපාගන්න කියන්න.
Related recommendation
Hiru TV News | Programmes