General11 April 2026

ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු අවදානමක්

බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බවයි දැක්වෙන්නේ.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බවද සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes