රැඳවියන් දෙපිරිසක් අතර පසුගිය 05 සහ 06 ඇති වූ ගැටුමෙන් පසු තත්ත්වය පාලනය කෙරුණු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (08) යළි සුළු ගැටුම්කාරී තත්ත්වයක් ඇතිව තිබූ අතර, එය පාලනය කළ බවයි පොලිසිය කියා සිටියේ.
එමෙන්ම ඊයේ කළහාකාරී ලෙස හැසිරුණු කාන්තා රැඳවියන් පිරිසක් වාරියපොළ බන්ධනාගාරය වෙත මාරුකර යැවීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
ගැටුම්කාරී තත්වයෙන් පසුව මීගමුව බන්ධනාගාරයේ තවදුරටත් රැදවියන් 700කට අධික පිරිසක් රඳවා සිටිනවා.
ඒ අනුව ඔවුන්ගේ තත්ත්වය සහ බන්ධනාගාරයේ ඇතුළත පරීක්ෂාව සඳහා ඊයේ බන්ධනාගාර නිලධාරීන් පිරිසක් එක්ව තිබුණා.
එම අවස්ථාවේ දී රැඳවියන් පිරිසක් සිර මැදිරිවලින් පිටතට පැමිණ විරෝධය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පොලිසිය මැදිහත් වී රැඳවියන් යළි සිරමැදිරිවලට යොමු කිරීමට පියවර ගෙන තිබුණා.
එම අවස්ථාවේදීයි කාන්තා රැඳවියන් පිරිසක් විරෝධය පළ කර ඇත්තේ.
මේ අතර, සිද්ධියෙන් මියගිය රැඳවියන්ගේ මරණ පරික්ෂණ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් නිකුත් කර තිබෙනවා.
එසේම, එහිදී මියගිය ඉන්දීය ජාතික රැඳවියකු සම්බන්ධයෙන් ද තවමත් හඳුනා ගැනීමේ කටයුතු අවසන් වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත්, අදාළ මරණ පරික්ෂණ වාර්තා අද මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එවන් පසුබිමක, රැඳවියන්ගේ ඥාතීන් ඊයේ දිනයේත් බන්ධනාගාරය ඉදිරිපිටට පැමිණ සිටි අතර බන්ධනාගාර නිලධාරින් සහ පොලිසිය එක්ව ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දුන්නා.

Latest News
බුලත්සිංහල OIC රිමාන්ඩ්
Local
09 July 2026
මීගමුව බන්ධනාගාරයේ යළි නොසන්සුන් ලෙස හැසිරුණු කාන්තා රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරවලට
Local
09 July 2026
ලෝක බොර තෙල් මිල තවදුරටත් ඉහළට
Local
09 July 2026
පැරණි බෝගම්බර බන්ධනාගාරය යළි බන්ධනාගාරයක් ලෙස ස්ථාපිත කරමින් ගැසට් නිවේදනයක්
Local
09 July 2026
දකුණු ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන හමුදා සාමාජිකයින් 8ක් මරුට
Local
09 July 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් ඉන්දීයානුවෙකුත් මිය ගිහින්
Local
09 July 2026
ගොවි සංවිධාන නියෝජිතයෝ විපක්ෂ නායක හමුවෙයි
Local
08 July 2026
දක්ෂතම ආධුනික පොලිස් රියැදුරා අනතුරකින් මරුට
Local
08 July 2026
ළමයින්ගේ සමාජමාධ්‍ය භාවිතය සීමා කිරීමට රජයේ අවධානය
Local
08 July 2026
යල කන්නයේ වී මිලදී ගැනීම් ජූලි 15 ඇරඹේ
Local
08 July 2026