General11 April 2026

තලවාකැලේ තේ පර්යේෂණ ආයතනයට ජංගම පාංශු විද්‍යාගාරයක්

තේ කර්මාන්තයේ ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා දැනට පවතින පාංශු සහ ශාක විශ්ලේෂණ කටයුතු පරීක්‍ෂා කිරීම සඳහා රුපියල් මිලියන 56 ක වියදමින් ජංගම පාංශු විද්‍යාගාරයක් තලවාකැලේ තේ පර්යේෂණ ආයතනයේ ස්ථාපිත කෙරුණා.

මේ යටතේ, කුඩා තේ වතු හිමියන්ට නොමිලේ සේවාවන් ලබාගත හැකියි.

කුඩා තේ වතු හිමියන් සිටින ස්ථානවලට එම ජංගම පාංශු සහ ශාක විද්‍යාගාර රැගෙන ගොස් ඔවුන්ගේ ගැටලු විසඳීමට මෙමගින් අවස්ථාව පවතින බවයි තලවාකැලේ තේ පර්යේෂණායතනයේ වැඩ බලන අධ්‍යක්‍ෂ මහසෙන් රණතුංග කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes