International11 April 2026

ඉරාන හිටපු උප ජනාධිපතිනියගේ ඥාතීන්ගේ වීසා අවලංගු කිරීමට ඇමරිකාවෙන් පියවර

ඉරානයේ කාන්තා සහ පවුල් කටයුතු පිළිබඳ හිටපු උප ජනාධිපතිනි මසූමේ එබ්ටෙකාර්ගේ (Masoumeh Ebtekar) සමීපතම ඥාතීන් කිහිප දෙනෙකුට ලබා දී තිබූ වීසා සහ නේවාසික බලපත්‍ර අවලංගු කිරීමට ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

රාජ්‍ය ලේකම්වරයා සිය 'X' ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, හිටපු උප ජනාධිපතිනියගේ පුත් ඊසා හෂේමි (Eissa Hashemi), ඔහුගේ බිරිඳ සහ පුත්‍රයාට ලබා දී තිබූ වීසා බලපත්‍ර මෙලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බවයි.

අදාළ පුද්ගලයින් මේ වන විට ඇමරිකානු ආගමන හා විගමන අංශයේ (ICE) භාරයේ පසුවන අතර, ඔවුන් එරටින් පිටුවහල් කිරීමට නියමිත බව රූබියෝ සඳහන් කර ඇත්තේ.

"අපේ රටේ ජීවත් වීමේ සුවිශේෂී වරප්‍රසාදය භුක්ති විඳීමට ඔවුන්ට කිසිසේත්ම ඉඩ නොදිය යුතුව තිබුණා" යනුවෙන් රාජ්‍ය ලේකම්වරයා එහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes