General14 April 2026

ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලකින් පුද්ගලයෙකු ඇදවැටී මරුට

කොල්ලුපිටිය, සී.වී. ඇවනිව් ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින තට්ටු ගොඩනැගිල්ලක තුන්වන මහලින් ඇද වැටී පුද්ගලයෙකු මියගොස් ඇති බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 27ක් වන තලවකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.

ඉදිවෙමින් පවතින තට්ටු ගොඩනැගිල්ලක තුන්වන මහලේ පලංචි මගින් යකඩ කොටස සවිකිරීමට යාමේදි පය ලිස්සා වැටිමෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොල්ලුපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes