ඉන්දීය ප්‍රේමියර් ලීග් ඉතිහාසයේ වඩාත්ම සාර්ථක මෙන්ම දීර්ඝතම පුහුණුකරු-ක්‍රීඩා සමාජ සබඳතාවය අවසන් කරමින්, ස්ටීවන් ෆ්ලෙමින් සහ චෙන්නායි සුපර් කිංග්ස් කළමනාකාරීත්වය දෙපාර්ශවයේම එකඟතාවය මත වෙන් වීමට තීරණය කර තිබෙනවා.
ස්ටීවන් ෆ්ලෙමින් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් බිහිවූ විශිෂ්ට නායකයෙක්.
මෙම තීරණයට එළඹ ඇත්තේ දෙපාර්ශවය අතර පැවති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුවයි.
ෆ්ලෙමින් මුල්වරට 2008 වසරේදී IPL සමාරම්භක තරඟාවලියේදී ක්‍රීඩකයෙකු ලෙස චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එකතු වූ අතර, 2009 වසරේ සිට එහි ප්‍රධාන පුහුණුකරු ධුරයට පත් වුණා.
ඉන්පසු ගතවූ වසර 17 පුරාම ඔහු කණ්ඩායම මෙහෙයවූ අතර, එය ලීග් ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම ස්ථාවර සහ ගෞරවයට පාත්‍ර වූ කණ්ඩායමක් බවට පත් කිරීමට සමත් වුණා..
ස්ටීවන් ෆ්ලෙමින්ගේ විශිෂ්ට පුහුණුකාරීත්වය යටතේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සුවිශේෂී වාර්තා රැසක් තබා තිබෙනවා.
ෆ්ලෙමින්ගේ සමුගැනීම වෙනුවෙන් උපහාර දක්වමින් චෙන්නායි සුපර් කිංග්ස් හිමිකාරිනී රූපා ගුරුනාත් මෙසේ ප්‍රකාශ කළා.
"ස්ටීවන් ෆ්ලෙමින් කියන්නේ අපේ මේ ක්‍රීඩා සමාජයේ මුළු ගමන පුරාම පුහුණුකාරීත්වයේ හද ගැස්මයි. දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ අපේ අනන්‍යතාවය, දැක්ම සහ විශිෂ්ටත්වය කරා යන ගමන හැඩගස්වන්න ඔහු උදව් කළා. ඔහුගේ නොසැලෙන කැපවීම සහ නායකත්වය වෙනුවෙන් අපගේ බලවත් කෘතඥතාව පළ කරනවා. පිටිය තුළ අපේ ගමන අවසන් වුණත්, ඔහු හැමදාමත් කණ්ඩායමේ ඉතිහාසයේ නැතිවම බැරි කොටසක්."
එමෙන්ම කණ්ඩායමේ කළමනාකාර අධ්‍යක්ෂ කේ.එස්. විස්වනාදන් මහතා පවසා සිටියේ ස්ථාවරත්වය, නිහතමානීකම සහ කණ්ඩායමට මුල් තැන දීමේ සංස්කෘතියක් හැදීමට ෆ්ලෙමින් කටයුතු කළ බවත්, ක්‍රීඩකයන් තේරුම්ගෙන ඔවුන්ගෙන් උපරිම දක්ෂතා පිටතට ගැනීම ඔහුගේ ලොකුම ශක්තිය වූ බවත්ය.
සිය සමුගැනීම පිළිබඳව අදහස් දක්වමින් ස්ටීවන් ෆ්ලෙමින් මෙසේ සඳහන් කළා.
"ක්‍රීඩාවේදී වසර 18ක් කියන්නේ ජීවිත කාලයක් වගෙයි, මම සමුගන්නේ හදපිරි කෘතඥතාවයෙන් විතරයි. චෙන්නායි සුපර් කිංග්ස් සමඟ ගත කළ කාලය මගේ පුහුණුකරු ජීවිතයේ ලැබුණු ලොකුම වරප්‍රසාදයක්. අපි අත්පත් කරගත් සියලුම දේ ගැන මම ආඩම්බර වෙනවා. අපි එකතු වෙලා අමතක නොවන ජයග්‍රහණ සැමරුවා, දුෂ්කර අවස්ථාවන් ජයගත්තා. CSK හැමදාම මගේ හදවතට සමීපව තියෙනවා වගේම ඉදිරි වසරවලදීත් මම කණ්ඩායම දිරිගන්වන්න බලාපොරොත්තු වෙනවා."

Latest News
කමාන්ඩෝ සලින්තගෙන් ප්‍රකාශ ලබා ගැනීමට CIDය අධිකරණයෙන් අවසර ඉල්ලයි
Local
13 July 2026
IPL ඉතිහාසයේ යුගයක නිමාව - ස්ටීවන් ෆ්ලෙමින්, චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගනී
Local
13 July 2026
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 6ක් එකමුතු වෙයි
Local
13 July 2026
දොම්පේ ප්‍රදේශයේදී අයිස් කිලෝ 8ක්, ජීව උණ්ඩ 20 ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට
Local
13 July 2026
මියගිය බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් මතක බණ ධර්ම දේශනයක්
Local
13 July 2026
බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ ආනයන තහනම පිළිබඳව අමාත්‍යාංශ උපදෙස් ලැබෙන තුරු සිටිනවා - ශ්‍රී ලංකා රේගුව
Local
13 July 2026
පෙයාර්ස් ගොවීන්ගෙන් මැසිවිලි
Local
13 July 2026
නැගෙනහිර හිටපු මහඇමති පිල්ලෙයාන් ජූලි 24 දක්වා තවදුරටත් රිමාන්ඩ්
Local
13 July 2026
දර ප්‍රවාහනය කළ ට්‍රැක්ටරයක් තේ වත්තකට පෙරළෙයි: රියැදුරු රෝහලේ
Local
13 July 2026
ආර්ථිකය විවාහයට සහ දරු උපත්වලට බාධාවක් - මහාචාර්ය මනෝරි වීරතුංග
Local
13 July 2026