General15 April 2026

ප්‍රමිතිගත අංක තහඩු වෙනස් කරන වාහනවලට වැඩ වරදී

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන ප්‍රමිතිගත අංක තහඩු වෙනස් කර රථ වාහන ධාවනය කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් එවැනි රියදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇති බව රථවාහන පාලන, සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පි.ජේ. සේනාධීර සඳහන් කළා.

අලුතින් ලියාපදිංචි කෙරෙන වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම සම්පූර්ණයෙන් සිදුනොකරන පසුබිමක ඇතැම් ජාවාරම්කරුවන් නීතිවිරෝධී ක්‍රියා සිදුකරගෙන යාමට මෙය අවස්ථාවක් කරගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම අලුතින් වාහන ලියාපදිංචි කරන මෝටර් රථ හිමියන් විවිධ පැහැයෙන් යුත් අංක තහඩු සවිකර මෝටර් රථ ධාවනය කරන අතර එය නියාමනය කරන ලෙස පොලිස්පතිවරයා මෝටර්රථ කොමසාරිස් ජනරාල් දැනුවත් කර ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.
Related recommendation
Hiru TV News | Programmes