ඉරානය සමග පවතින යුද්ධය අවසන් කිරීම සඳහා එකඟතාවකට පැමිණිය හැකි බවට ට්‍රම්ප් පරිපාලනය විශ්වාසය පළ කළ අතර, ටෙහෙරානය දිගින් දිගටම දරුණු වුවහොත් එරටට එරෙහි ආර්ථික පීඩනය තවදුරටත් දැඩි කරන බවට ද අනතුරු අඟවා තිබෙනවා.
පසුගිය පෙබරවාරි මස අගභාගයේදී ඊශ්‍රායලය සමග එක්ව තමන් ආරම්භ කළ යුද්ධය බොහෝ දුරට අවසන් වෙමින් පවතින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
එහෙත් ඔහු විසින් ප්‍රකාශයට පත් කරන ලද නාවික අවහිර කිරීම් ක්‍රියාත්මක වීමත් සමග හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ගමනාගමනය සාමාන්‍ය මට්ටමට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතිනවා.
නැවත සාකච්ඡා ආරම්භ වීමට පෙර බලපෑමක් ඇති කිරීමේ උත්සාහයක් ලෙස, ඉරාන තෙල් ගැනුම්කරුවන්ට එරෙහිව ද්විතීයික සම්බාධක පැනවිය හැකි බවට එක්සත් ජනපදය අනතුරු අඟවා තිබෙනවා.
මෙය සිදුවන්නේ වොෂින්ටනය විසින් ඉරාන බලශක්ති සම්බාධක බලාත්මක කිරීම ලිහිල් කර සති කිහිපයකට පසුවයි.
පසුගිය ඉරිදා පැවති සාකච්ඡා කිසිදු එකඟතාවකින් තොරව අවසන් වීමෙන් පසු, ලබන සති අන්තයවන විට වැඩිදුර සාකච්ඡා සඳහා යළිත් පාකිස්තානය වෙත යාමට අමෙරිකානු සහ ඉරාන නිලධාරීන් සලකා බලමින් සිටිනවා.
මෙම ගැටුම යළි ඇවිලීම වැළැක්වීම සඳහා මධ්‍යස්ථ පාර්ශ්වයක් ලෙස කටයුතු කරන පාකිස්තාන හමුදා ප්‍රධානියා ටෙහෙරානයට පැමිණියා.
ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ටෙහෙරානයට පැමිණි බව පාකිස්තාන හමුදාව තහවුරු කර තිබෙනවා.
පසුගිය වටයේ සාකච්ඡා සඳහා මැදිහත් වූ මුනීර්, දෙපාර්ශවය අතර පවතින මතභේද අවම කිරීමට උත්සාහ කරනු ඇති බව ඉරාන ජ්‍යෙෂ්ඨ ආරංචි මාර්ගයක් රොයිටර් පුවත් සේවයට පවසා ඇති බව සඳහන්.
විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි X පණිවුඩයක් නිකුත් කරමින් මුනීර් පිළිගත් අතර, ඉරානය "කලාපයේ සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටින" බව ප්‍රකාශ කර තිබෙනවා.
පෙබරවාරි 28 වන දින ට්‍රම්ප් සහ ඊශ්‍රායලය එක්ව ආරම්භ කළ මෙම යුද්ධය අවසන් කිරීමට පසුගිය සති අන්තයේ පැවති සාකච්ඡාවලදී එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වූවා.
මෙම යුද්ධය හේතුවෙන් ඉරානය සිය අසල්වැසි ගල්ෆ් කලාපීය රටවලට ප්‍රහාර එල්ල කිරීමටත්, ඊශ්‍රායලය සහ ඉරානයේ සහාය ලබන ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් යළි ඇති වීමටත් හේතු වුණා.
_රොයිටර්ස්_

Latest News
මීරිගම විදුලි උපකරණ අලෙවිසැලක හදිසි ගින්නක්
Local
20 July 2026
පරාජය හමුවේ ආජන්ටිනාවේ කලහකාරී ලෙස හැසිරුණු පිරිස් අත්අඩංගුවට
Local
20 July 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ගැන නීතිඥ සංගමය, අධිකරණ ඇමතිට දෙවන වරටත් ලියයි
Local
20 July 2026
2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
Local
20 July 2026
මුදල් කොමිෂන් සභාවට නව සභාපතිවරියක් සහ සාමාජිකයින් පත් කෙරේ
Local
20 July 2026
වාහන තුනක් එකට ගැටී අනතුරක්: දෙදෙනෙක් රෝහලේ
Local
20 July 2026
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න පොලිස් ආචාර වෙඩිමුර මැද අවසන් ගමන් යයි
Local
20 July 2026
හිටපු පොලිස්පතිගේ මරණය: ගිනි අවිය ඇතුළු නඩු භාණ්ඩ රස පරීක්ෂක වෙත යැවීම සඳහා ඉදිරිපත් කරන්න - අධිකරණයෙන් පොලිසියට නියෝග
Local
20 July 2026
කාන්තාවක් සමග පැවැත්වූ සබඳතාවක් හේතුවෙන් සිංගප්පූරු ඉස්ලාම් කටයුතු ඇමති ඉල්ලා අස්වෙයි
Local
20 July 2026
නවදිල්ලි නුවර ශ්‍රී ලාංකේය ආහාර උළෙලක්: දේශීය රසයන්ගෙන් ඉන්දීය වැසියන් පිනවයි
Local
20 July 2026