අක්මීමන පොලිස් වසමට අයත් නරාවල, පෝද්දල කාසල් හිල් වත්ත මාර්ගයේදී කන්දක් මත සිට පසුපසට ධාවනය වූ කැබ් රථයක ගැටීමෙන් ඊයේ (15) රාත්‍රී පදිකයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ අදාල පුද්ගලයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද, එහිදී ඔහු මියගොස් තිබු බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ නරාවල, පෝද්දල ප්‍රදේශයේම පදිංචිව සිටි 69 හැවිරිදි පුද්ගලයෙක්.
අනතුර සිදුවන අවස්ථාවේදී කැබ් රථය කන්දක සිට පසුපසට ධාවනය වී ඇති අතර, එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි මරණකරු එහි ගැටී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අනතුරට සම්බන්ධ කැබ් රථයේ රියදුරු ලෙස කටයුතු කළ 27 හැවිරිදි තරුණයා අක්මීමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.
Latest News
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං වටයකින් රවිඳු ජයනාත්ට ජය
Local
26 July 2026
කැස්පියන් මුහුදේ ඉරාන නෞකාවකට යුක්රේනයෙන් ප්‍රහාරයක්
Local
26 July 2026
කලපළුවාවේ අනතුරකින් සිව් හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට
Local
26 July 2026
දඹදිව වන්දනාකරුවන්ගේ කණ්ඩායම්වලට දෙන නොමිලේ වීසා තවදුරටත්
Local
26 July 2026
තහනම් දුම්වැටි එක්ක මැලේසියානුවෙක් කොටුවෙයි
Local
26 July 2026
ජර්මනියේ පෙළපාළියකට මෝටර් රථයක් කඩා වදී: අයෙක් මියගොස් 14 කට තුවාල
Local
26 July 2026
ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
Local
26 July 2026
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයට සැකපිට දෙදෙනෙක් නවගමුවේදී අත්අඩංගුවට
Local
25 July 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි
Local
25 July 2026
බෙල්ලන්විල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරු ජීවිතක්ෂයට
Local
25 July 2026