General16 April 2026

කන්දක් මතදී පසුපසට ධාවනය වූ කැබ් රථයකට යටවූ පදිකයෙක් අවසන් ගමන් යයි

අක්මීමන පොලිස් වසමට අයත් නරාවල, පෝද්දල කාසල් හිල් වත්ත මාර්ගයේදී කන්දක් මත සිට පසුපසට ධාවනය වූ කැබ් රථයක ගැටීමෙන් ඊයේ (15) රාත්‍රී පදිකයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ අදාල පුද්ගලයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද, එහිදී ඔහු මියගොස් තිබු බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ නරාවල, පෝද්දල ප්‍රදේශයේම පදිංචිව සිටි 69 හැවිරිදි පුද්ගලයෙක්.

අනතුර සිදුවන අවස්ථාවේදී කැබ් රථය කන්දක සිට පසුපසට ධාවනය වී ඇති අතර, එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි මරණකරු එහි ගැටී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අනතුරට සම්බන්ධ කැබ් රථයේ රියදුරු ලෙස කටයුතු කළ 27 හැවිරිදි තරුණයා අක්මීමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes