General20 April 2026

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අවට හෙට විශේෂ රථවාහන සැලැස්මක්

පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී වසර 07ක් සපිරීම නිමිත්තෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ හෙට (21) පැවැත්වෙන විශේෂ දේව මෙහෙයට සමගාමීව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය දැනුම් දෙනවා.

මෙම රථවාහන සැලැස්ම හෙට (21) උදෑසන 07:00 සිට දේව මෙහෙය අවසන් වන තෙක් ක්‍රියාත්මක වීමට නියමිත බවයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

දේව මෙහෙය පැවැත්වෙන කාලසීමාව තුළ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අවට මාර්ගයන්හි රථවාහන ගමනාගමනය අවස්ථානුකූලව සීමා කිරීමට කටයුතු කෙරෙන බවයි එම නිවේදනයෙන් සඳහන් වන්නේ.

2019 වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් වූවන් සිහිපත් කිරීම සහ ඔවුන් වෙනුවෙන් ආශිර්වාද පතා මෙම විශේෂ සැමරුම් දේව මෙහෙය සංවිධානය කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes