පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සිදුකරන ලද වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන, බලපිටිය සහ හලාවත ගරු අධිකරණවල විභාග වූ නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් හෙට (27) දින ප්‍රසිද්ධියේ දහනය කර විනාශ කිරීමට නියමිතව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
මෙම මත්ද්‍රව්‍ය විනාශ කිරීම හෙට (27) උදෑසන 09.00 ට පුත්තලම, වණාතවිල්ලුව "ලැක්ටෝවත්ත" ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති විශේෂ දහන උඳුන තුළදී සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ද පොලිස් මුලස්ථානය පවසනවා.
මෙහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 22 යි ග්‍රෑම් 888 ක්, කේරළ ගංජා: කිලෝග්‍රෑම් 33 යි ග්‍රෑම් 172 ක් සහ ගංජා: කිලෝග්‍රෑම් 247 යි ග්‍රෑම් 940 ක් විනාශ කිරීමට නියමිතව තිබෙන බවයි පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරන්නේ.
අදාළ මත්ද්‍රව්‍ය තොග හෙට (27) උදෑසන 05.00 ට බලපිටිය ගරු මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් ද, උදෑසන 07.30 ට හලාවත ගරු මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් ද විශේෂ ආරක්ෂාවක් සහිතව දහන උඳුන වෙත රැගෙන ඒමට නියමිතව තිබෙනවා.
Latest News
කටුනායකදී පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවිය උදුරා වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට
Local
15 July 2026
සුමති ටෙලි සම්මාන උළෙලේ වසරේ හොඳම ප්රවෘත්ති විකාශය ඇතුළු සම්මාන රැසක් හිරුට
Local
15 July 2026
ඉන්දු - ජපාන 8 වැනි ආරක්ෂක ප්‍රතිපත්ති සංවාදය සාර්ථකව නිමාවට පත්වෙයි
Local
15 July 2026
ශ්‍රී ලංකා හදබිම අධිකාරිය වසා දැමීමට තීරණය කළා අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත
Local
15 July 2026
වහාම නිලවරණයක් පවත්වන්න, නැත්නම් රැස්වීම් තහනම් - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ICCයෙන් දැනුම්දීමක්
Local
15 July 2026
ජාතික හැඳුනුම්පත් නොමැති 2026 සාමාන්‍ය පෙළ පෞද්ගලික අයැදුම්කරුවන්ට භාරකරුගේ හැඳුනුම්පතෙන් ලියාපදිංචි විය හැකියි: විභාග දෙපාර්තමේන්තුව
Local
15 July 2026
මීගමුව නගර සභාවේ නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
15 July 2026
විමල්ගේ සොයුරු සරත් වීරවංශ රිමාන්ඩ්
Local
15 July 2026
කටුනායක වෙඩි තැබීමක්
Local
15 July 2026
මහා භාණ්ඩාගාර වංචා සිද්ධියට අදාලව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ඊමේල් දත්ත පිටපත් කොළඹ විශ්වවිද්‍යාලයට දෙන්න: ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නියෝග
Local
15 July 2026