International28 April 2026

ඉරානය බිඳවැටීමේ අද්දර සිටින බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

ඉරානය මේ වන විට දැඩි අභ්‍යන්තර බිඳවැටීමකට ලක්ව ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

තමන්ට ලැබී ඇති තොරතුරුවලට අනුව, ඉරානය සිය පාලන ව්‍යුහය සහ නායකත්වය පිළිබඳ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවත්, ඔවුන් ඒ පිළිබඳව අමෙරිකානු රජය දැනුවත් කර ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඉරාන බලධාරීන් මෙතෙක් කිසිදු නිල ප්‍රතිචාරයක් දක්වා නැහැ.
Related Recommends
Hiru TV News | Programmes