General29 April 2026

ප්‍රදේශ රැසකට අදත් තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (29) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

උතුරු, උතුරු - මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

දකුණු පළාතේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බව සඳහන්.

මධ්‍යම, සබරගමුව, උතුරු - මැද සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Related Recommends
Hiru TV News | Programmes