මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මුදල් අමත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හෙට (30) පස්වරු 2.00ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා ඇති බව එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළා.
මේ අතර මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධියට අදාළව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නිලධාරීන් 05 දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ විදෙස් ගමන් තහනමක් පනවනු ලැබුවා.
ඒ මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ හමුවේ කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි.
එමෙන්ම, අදාළ නිලධාරින් පස් දෙනාගේ බැංකු ගිණුම් ද පරීක්ෂා කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝග කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට කමිටුවක් පත් කරන ලෙස රජයේ රස පරීක්ෂකවරයා, පරිගණක හදිසි ප්‍රතිචාර ආයතනයේ ප්‍රධානියා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ පීඨාධිපතිවරයා වෙත නියෝග නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී අවසර ලබා දුන්නා.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය පිටු 27ක සම්පිණ්ඩන වාර්තාවක් ද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.
මෙය සංවේදී සහ සූක්ෂම විමර්ශනයක් බැවින් නඩු ගොනුව සේප්පුවේ බහා තබන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
මෙම සිද්ධියේ අපරාධමය වරද සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙසත්, අපරාධයක් වී ඇත්නම් එය සිදුකර ඇත්තේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් නියෝග කළ මහේස්ත්‍රාත්වරයා මින් ඉදිරියට මෙවැනි වැරදි සිදුවීම වළක්වාලීම සඳහා වහාම කෙටි පියවර ගන්නා ලෙස මහ බැංකුවට නියෝග කළා.

Latest News
විදුලි ගාස්තු යළි ඉහළ නැංවීමේ යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසමට: අවසන් තීරණය මැයි 9 වැනිදා
Local
29 April 2026
භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පරීක්ෂා කර මුදා හැරීමට අමෙරිකානු හමුදාව පියවර ගනී
Local
29 April 2026
ට්‍රම්ප්ගේ රුව අමෙරිකානු විදේශ ගමන් බලපත්‍රවලට
Local
29 April 2026
හැකර් සිද්ධිය ගැන අහන්න මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් හෙට මුදල් කාරක සභාවට
Local
29 April 2026
හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි සලකා බලයි
Local
29 April 2026
ඒහිපස්සිකෝ සාම පා ගමන නිමා කර හිමිවරු දිවයිනෙන් පිටත්ව යති
Local
29 April 2026
06 වන ආසියානු වෙරළ ක්‍රීඩා: කාන්තා මල්ලවපොර ඉසව්වේ රන් පදක්කම නිපුනි වාසනා දිනාගනී
Local
29 April 2026
හදිසි නීතිය යළි දීර්ඝ කෙරේ: සේවා 15ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක්
Local
29 April 2026
ප්‍රදේශ රැසකට අදත් තද වැසි
Local
29 April 2026
ගොඩගේ ප්‍රකාශන ආයතනයේ නිර්මාතෘ දේශබන්දු සිරිසුමන ගොඩගේ අභාවප්‍රාප්ත වෙයි
Local
29 April 2026