තායිවාන් සමුද්‍ර සන්ධියේ පිහිටි පෙන්ගු (Penghu) දූපත් අසල මුහුදු ප්‍රදේශයේ චීන යුද නෞකා දෙකක් සැරිසරනු නිරීක්ෂණය වූ බව තායිවානය පවසනවා.
ඒ පිළිබඳව අවධානයෙන් සිටීමට තම නාවික හා ගුවන් හමුදා යොදවා ඇති බවයි තායිපේ හි පිහිටි එරට ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන තායිවානය තම භූමියක් ලෙස සලකන චීනය, තායිවාන රජයේ දැඩි විරෝධය මධ්‍යයේ දිනපතාම පාහේ දිවයින අවට මුහුදට සහ ගුවන් සීමාවට තම යුද නෞකා සහ යුද ගුවන් යානා එවනු ලබනවා.
තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය චීන හමුදා ගුවන් යානා පවතින ස්ථාන පිළිබඳව දිනපතා යාවත්කාලීන තොරතුරු ලබා දුන්නද, චීන යුද නෞකා ක්‍රියාත්මක වන ස්ථාන පිළිබඳ විස්තර ලබා දෙන්නේ ඉතා කලාතුරකින්.
සාමාන්‍යයෙන් එවැනි විස්තර ලබා දෙන්නේ පසුගිය සතියේ සිදු වූවාක් මෙන් ගුවන් යානා ප්‍රවාහන නෞකා නිරීක්ෂණය වූ විට පමණයි.
පසුගිය සඳුදා ප්‍රමාද වී ප්‍රකාශයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ, චීන විනාශක නෞකාවක් (Destroyer) සහ ෆ්රිගේට් (Frigate) වර්ගයේ නෞකාවක් පෙන්ගු දූපත්වලට නිරිත දෙසින් පිහිටි මුහුදු ප්‍රදේශයට ඇතුළු වී ඇති බවයි.
මෙම දූපත් සමුද්‍ර සන්ධියේ තායිවාන සීමාවට ආසන්නව පිහිටා ඇති අතර, එහි තායිවාන නාවික සහ ගුවන් හමුදා කඳවුරු රැසක් පිහිටා තිබෙනවා.
"තායිවාන හමුදාව මෙම නෞකා කණ්ඩායම පිළිබඳව සමීපව නිරීක්ෂණය කළ අතර, නාවික සහ ගුවන් බලය යොදාගනිමින් ඊට නිසි ප්‍රතිචාර දැක්වූවා," යනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළ නමුත් ඒ පිළිබඳ වැඩිදුර විස්තර ලබා දී නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
අමාත්‍යාංශය ගුවන් මගින් ලබාගත් එම නෞකා දෙකෙහිම වර්ණ ඡායාරූප ප්‍රදර්ශනය කළද, ඒවා තිබූ නිශ්චිත ස්ථානයක් ප්‍රකාශ කර නැහැ.

Latest News
හැටන් - ඩයගම බස් රථ අනතුරින් 34ක් රෝහලේ
Local
29 April 2026
ඉන්දීය ආරක්ෂක ඇමති රුසියානු - චීන ආරක්ෂක අමාත්‍යවරුන් හමුවෙයි
Local
29 April 2026
ඉන්දීය නාවික හමුදාවේ ‘INS NIREEKSHAK’ නෞකාව දිවයිනෙන් පිටත්ව යයි
Local
29 April 2026
දැරියක වාහනයක් තුළ අපයෝජනය කළැයි කියන ටියුෂන් ගුරුවරයෙක් සුඛෝපභෝගී මෝටර් රථයක් සමග දැලේ
Local
29 April 2026
භාණ්ඩාගාර ලේකම් හෙට COPF කමිටුවට නොයෙන බව කියයි
Local
29 April 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න
Local
29 April 2026
අතුරුදන් වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 සොයාගත නොහැකි වුවහොත් භාණ්ඩාගාර නිලධාරීන් එය ගෙවිය යුතුයි: නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ
Local
29 April 2026
චීන යුද නැව් දෙකක් නිසා තායිවානය සීරුවෙන්
Local
29 April 2026
ඉන්දියාවේ ආර්ථිකය ගැන පුරෝකථනයක්
Local
29 April 2026
තම කටහඬ සහ රූපය සුරැකීමට ටේලර් ස්විෆ්ට්ගෙන් දැවැන්ත නීතිමය පියවරක්
Local
29 April 2026