රජයේ භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූවා යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදල නැවත අයකර ගැනීමට රජයට නොහැකි වුවහොත්, ඊට සම්බන්ධ නිලධාරීන්ට එම මුදල ගෙවීමට සිදුවනු ඇතැයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කළා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, රජය මේ වන විටත් ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා ජාත්‍යන්තර ආයතන ද සම්බන්ධ වී සිටින බවයි.
ශ්‍රී ලංකාවේ එකම සුඛෝපභෝගී සංචාරක ප්‍රදර්ශනයට (Luxury Travel Fair) ඊයේ (28) සහභාගී වෙමින් ඔහු කියා සිටියේ, "මෙම මුදල් නැවත අයකර ගත හැකි බවට අපට විශ්වාසයක් පවතිනවා," යනුවෙන්.
"කෙසේ වෙතත්, රජයට මෙම මුදල් නැවත ලබා ගැනීමට නොහැකි වුවහොත්, ඊට සම්බන්ධ සියලුම භාණ්ඩාගාර නිලධාරීන්ට එම මුදල ගෙවීමට සිදුවේවි," යැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.
වාර්තා වන අන්දමට, මෙම ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදල අතුරුදන් වී ඇති බව ශ්‍රී ලංකා බලධාරීන්ට හඳුනාගත හැකි වී ඇත්තේ අදාළ ණය වාරිකය තමන්ට නොලැබුණු බවට ඕස්ට්‍රේලියානු ණය හිමියා දැනුම් දීමෙන් පසුවය.
Latest News
හැටන් - ඩයගම බස් රථ අනතුරින් 34ක් රෝහලේ
Local
29 April 2026
ඉන්දීය ආරක්ෂක ඇමති රුසියානු - චීන ආරක්ෂක අමාත්‍යවරුන් හමුවෙයි
Local
29 April 2026
ඉන්දීය නාවික හමුදාවේ ‘INS NIREEKSHAK’ නෞකාව දිවයිනෙන් පිටත්ව යයි
Local
29 April 2026
දැරියක වාහනයක් තුළ අපයෝජනය කළැයි කියන ටියුෂන් ගුරුවරයෙක් සුඛෝපභෝගී මෝටර් රථයක් සමග දැලේ
Local
29 April 2026
භාණ්ඩාගාර ලේකම් හෙට COPF කමිටුවට නොයෙන බව කියයි
Local
29 April 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න
Local
29 April 2026
අතුරුදන් වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 සොයාගත නොහැකි වුවහොත් භාණ්ඩාගාර නිලධාරීන් එය ගෙවිය යුතුයි: නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ
Local
29 April 2026
චීන යුද නැව් දෙකක් නිසා තායිවානය සීරුවෙන්
Local
29 April 2026
ඉන්දියාවේ ආර්ථිකය ගැන පුරෝකථනයක්
Local
29 April 2026
තම කටහඬ සහ රූපය සුරැකීමට ටේලර් ස්විෆ්ට්ගෙන් දැවැන්ත නීතිමය පියවරක්
Local
29 April 2026