කොළඹ බ්ලුමැන්ඩල් පාර ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනෙක් ලබන ලබන මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය අද (30) නියෝග කළා.
දැනට කරන ලද විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ පාතාල කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් මෙම ඝාතනයට හේතුවී ඇති බවටයි.
පොලිසිය පැවසුවේ පලනි රිමෝෂන්ගේ පාර්ශ්වය සහ කොටහේන අරවින් ගේ පාර්ශ්වය විසින් ඝාතනය මෙහෙයවා ඇති බව අනාවරණ වී ඇති බවයි.
ඝාතනය කර ගෙනවිත් දැමූ තරුණයෙකුගේ මළ සිරුරක් මට්ටක්කුලිය ෆර්ගියුෂන් පාරේ කැලණි ගංඉවුරේ තිබී සොයා ගනු ලැබුවේ පසුගිය 23 වැනිදායි.
අදාළ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙක් ද පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් පසුව අත්අඩංගුවට ගත්තා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ උතුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ උපදෙස් පරිදි මෝදර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළා.
වැඩිදුර විමර්ශනවලින් පසු ,ඝාතනය සඳහා යොදාගත් කුලියට ලබාගත් මෝටර් රථයක්ද පොලිසිය භාරයට ගත් අතර, ඝාතනය සම්බන්ධ කරුණු රැසක් ද අනාවරණ කර ගැනීමට පොලිසිය සමත් වුණා.
ඝාතනයට ලක් වූ තරුණයා එදින සිය රාජකාරි නිමවා යළි නිවස බලා යමින් සිටියදී අදාළ මොටර් රථයෙන් පැමිණි සැකකරුවන් විසින් ඔහු මහවත්ත ඔරලෝසු කණුව අසල දී බලහත්කාරයෙන් මෝටර් රථයට නංවාගෙන තිබෙනවා.
පසුව මට්ටක්කුලිය ෆර්ගියුෂන් මාර්ගය දෙසට මෝටර් රථය ධාවනය කර තිබු අතර CCTV දර්ශනවල දැක්වෙන්නේ මෝටර් රථය අදාළ තරුණයාගේ සිරුර හමුවු ස්ථානය අසළ නතර කරන අයුරුයි.
එම ස්ථානයේ මෝටර් රථය විනාඩි 10 ක පමණ කාලයක් නතර කර තබා තිබී ඇති අතර, අදාළ තරුණයා එහිදි ඝාතනය කරන්නට ඇති බව පොලිසිය සැකකරනවා.
පොලිසිය පවසන්නේ විදෙස්ගත සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පලනි රිමෝෂන් සහ කොටහේන අරවින් යන අපරාධකරුවන්ගේ මෙහෙයවීම මත මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටයි.
ඝාතනයට ලක් වු තරුණයාගේ සහෝදරයා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අතර, ඔහුගේ මව ගිනි අවියක් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බවත් පොලිසිය පැවසුවා.
අදාළ සහෝදරයා බන්ධනාගාරය තුළදී ඇතිකරගත් ගැටුමකදී පුද්ගලයෙකුට පහරදී ඇති අතර, එම පහරදීමේ පළිය ගැනීමට මෙම ඝාතනය සිදුකළ බවයි සැකකරුවන් පොලිසිය හමුවේ පවසා ඇත්තේ.
එමෙන්ම, ඝාතන කොන්ත්‍රාත්තුව සඳහා මුදලින් රුපියල් එක්ලක්ෂ පනස් දහසකට ආසන්න මුදලක් සහ මත්ද්‍රව්‍ය ලබාදුන් බවද සැකකරුවන් පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් විමර්ශනවලින් අනතුරුව අද අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මාලිගාකන්ද අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර, එහිදි අධිකරණය නියෝග කළේ ඔවුන් ලබන මස 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි.

Latest News
කුලියාපිටියේදී මියගිය භාණ්ඩාගාර සහකාර අධ්යක්ෂවරයාගේ මරණය ගැන කරුණු රැසක් හෙළිවේ
Local
30 April 2026
මාවිල්ආරු ප්‍රධාන සොරොව්ව යළි විවෘතයි: අක්කර 40,000ක යල කන්නයේ වගා කටයුතු ඇරඹෙයි
Local
30 April 2026
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණ ප්‍රතිසංස්කරණවලට පොදුරාජ්‍ය මණ්ඩලීය සම්මානයක්
Local
30 April 2026
කළුතර දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයේ ගින්නක්: පරිගණක පද්ධතියට හානි
Local
30 April 2026
මට්ටක්කුලිය ඝාතනයේ තොරතුරු රැසක් අනාවරණය වෙයි : මෝටර් රථයක් තුළදී ඝාතනය සිදුකළ බවට සැක
Local
30 April 2026
මැයි දින සැමරුම් වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් : කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
Local
30 April 2026
සටන් විරාමය මැද දකුණු ලෙබනනයට යළිත් ඊශ්‍රායල ප්‍රහාර: එකම පවුලේ සිව් දෙනෙක් ඇතුළු 5ක් මරුට
Local
30 April 2026
මත්පැන් පානය කර යතුරුපැදිවලින් ගිය කතුන් සිව්දෙනෙක් අත්අඩංගුවට
Local
30 April 2026
හෝමුස් සන්ධියේ බාධා ලෝක ආර්ථිකයේ ‘හුස්ම හිරකරයි’ - එක්සත් ජාතීන්ගේ මහලේකම්
Local
30 April 2026
හබරාදූවේදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටෙයි - පිය පුතු දෙපළක් රෝහලේ
Local
30 April 2026