General30 April 2026

කළුතර දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයේ ගින්නක්: පරිගණක පද්ධතියට හානි

කළුතර පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාලයේ දෙවන මහලේ අද (30) රාත්‍රී 8.00 ට පමණ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ, ගින්න හටගැනීමත් සමඟ කළුතර මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය වහා ක්‍රියාත්මක වී ගින්න පාලනය කිරීමට සමත් වූ බවයි.

ගින්න හටගෙන ඇත්තේ ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිහිටි පරිගණක පද්ධතිය පවත්වාගෙන යන කොටසේ වන අතර, මෙමගින් සිදුවූ දේපළ හානිය මෙතෙක් තක්සේරු කර නොමැති බවත් ඔහු සඳහන් කරනවා.

තවද, ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳව කළුතර දකුණ පොලිසිය සහ නගර සභා ගිනි නිවීම් ඒකකය එක්ව ඉදිරි විමර්ශන පවත්වනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes