මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළ, දැනට වැඩ තහනමට ලක්ව සිටින අබේසිංහ මුදියන්සේලාගේ රංග නිශාන්ත රාජපක්ෂගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
කුලියාපිටිය, පහළ වීරඹුව, මඩකුඹුරුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහුගේ මළ සිරුර අද (30) දහවල් සිය නිවස පිටුපස ගෙවත්තේ තිබී සොයා ගනු ලැබුවා.
එහිදී, මියයන විට ඔහුගේ පාද දෙකේ සහ වම් අතේ බල නහර කැපී තිබූ අතර, සිරුර අසල තිබී ලේ තැවරුණු සැකකටයුතු පිහියක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
දෙදරු පියෙකු වන ඔහුගේ බිරිඳ ගුරුවරියක වන අතර, ඇය පාසල් ගොස් සිටි අවස්ථාවේදී, පිහියක් රැගෙන සිය නිවස පිටුපස ප්‍රදේශයට ගමන් කරන අයුරු ඔහුගේ දියණිය විසින් දැක ඇති බවද පොලිසිය සඳහන් කළා.
මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් විසින් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්වූ නිලධාරීන් සිව්දෙනා අතරින්, විමර්ශනවලට අත්‍යවශ්‍යම පුද්ගලයා ලෙස මොහු හඳුනාගෙන තිබෙනවා.
එමෙන්ම, ඔහු මීට පෙර අවස්ථා දෙකකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටිමින් අදාළ විමර්ශන සඳහා සහයද ලබා දී තිබෙනවා.
කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, දේහය කුලියාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය හෙට පැවැත්වීමට නියමිතයි.

Latest News
කුලියාපිටියේදී මියගිය භාණ්ඩාගාර සහකාර අධ්යක්ෂවරයාගේ මරණය ගැන කරුණු රැසක් හෙළිවේ
Local
30 April 2026
මාවිල්ආරු ප්‍රධාන සොරොව්ව යළි විවෘතයි: අක්කර 40,000ක යල කන්නයේ වගා කටයුතු ඇරඹෙයි
Local
30 April 2026
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණ ප්‍රතිසංස්කරණවලට පොදුරාජ්‍ය මණ්ඩලීය සම්මානයක්
Local
30 April 2026
කළුතර දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයේ ගින්නක්: පරිගණක පද්ධතියට හානි
Local
30 April 2026
මට්ටක්කුලිය ඝාතනයේ තොරතුරු රැසක් අනාවරණය වෙයි : මෝටර් රථයක් තුළදී ඝාතනය සිදුකළ බවට සැක
Local
30 April 2026
මැයි දින සැමරුම් වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් : කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
Local
30 April 2026
සටන් විරාමය මැද දකුණු ලෙබනනයට යළිත් ඊශ්‍රායල ප්‍රහාර: එකම පවුලේ සිව් දෙනෙක් ඇතුළු 5ක් මරුට
Local
30 April 2026
මත්පැන් පානය කර යතුරුපැදිවලින් ගිය කතුන් සිව්දෙනෙක් අත්අඩංගුවට
Local
30 April 2026
හෝමුස් සන්ධියේ බාධා ලෝක ආර්ථිකයේ ‘හුස්ම හිරකරයි’ - එක්සත් ජාතීන්ගේ මහලේකම්
Local
30 April 2026
හබරාදූවේදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටෙයි - පිය පුතු දෙපළක් රෝහලේ
Local
30 April 2026