මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක සිද්ධියට වැඩ තහනම්ව සිටි, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂවරයාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා පත් කරන ලද සිව් පුද්ගල අධිකරණ වෛද්‍ය උපදේශක මණ්ඩලයේ වාර්තාව මේ වන විට නිකුත් වී තිබෙනවා.
අදාළ අධිකරණ වෛද්‍ය නිලධාරී මණ්ඩලය නිගමනය කර ඇත්තේ අධ්යක්ෂවරයාගේ සිරුරේ දක්නට ලැබුණු සියලුම තුවාල ඔහු විසින්ම සිදුකරගත් ඒවා (Self-inflicted) බවයි.
ඒ අනුව, මෙම මරණය තියුණු ආයුධයකින් සිදු වූ බහු කැපුම් තුවාල හේතුවෙන් ඇති වූ දරුණු රුධිර වහනයක් හේතුවෙන් සිදුවූ බවට එම වෛද්‍ය මණ්ඩලය නිගමනය කර තිබෙනවා.
මෙම මරණය සම්බන්ධයෙන් පැන නැගුණු සැකසහිත තත්ත්වයන් හේතුවෙන් ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට විශේෂ අධිකරණ වෛද්‍ය උපදේශකවරුන් පිරිසක් පත් කිරීමට මීට පෙර පියවර ගැනුණා.
අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්ව සිටි මුදල් අමාත්‍යංශයේ නිලධාරින් 04 දෙනාගෙන් එක් අයෙකුගේ සිරුර ඊයේ කැපුම් තුවාල සහිතව ඔහුගේ ගෙවත්තේ තිබියදී සොයාගැනුණා.
මෙලෙස මියගොස් තිබුණේ රංග නිශාන්ත නැමැති විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සේවය කළ සහකාර අධ්යක්ෂවරයෙක්.
මෙම සිද්ධියට අදාලව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නිලධාරියා දින දෙකක් කැඳවා තිබුණත් ඔහු නොපැමිණි බවට පළමුව වාර්තා වී තිබුණත්, පසුව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේ විමර්ශන සඳහා පැමිණ ඇති ඔහු ලැප්ටොප් පරිගනක ඇතුලු දත්ත උපකරණද විමර්ශන අංශ වෙත භාරදී තිබූ බවයි.

Latest News
ඉරානයේ සාම යෝජනාව ගැන ට්‍රම්ප් අතෘප්තියෙන් : "ඉරානය කිසිදා එකඟතාවයකට එයිදැයි සැකයි"
Local
01 May 2026
ඉන්දියාවේ බටහිර බෙංගාලයේ මධ්‍යස්ථාන 15ක හෙට යළි ඡන්දය පැවැත්වේ
Local
01 May 2026
කෝටි ගණනක කහ සහ කජු තොගයක් රේගු දැලට
Local
01 May 2026
සේවා කාලය අවසන් කර මෙරටින් නික්ම යන ශ්‍රී ලංකාවේ නේපාල තානාපතිවරයා අගමැතිනිය හමුවෙයි
Local
01 May 2026
''තෙල් මිල වැඩි වෙන්න පුළුවන් '- ජනපති කියයි
Local
01 May 2026
සහකාර අධ්යක්ෂවරයාගේ මරණය සියදිවි නසාගැනීමක් බවට නිගමනය කරයි
Local
01 May 2026
"දැන් කමිටු අවශ්‍ය නෑ.. සජබ - එජාපය එකතුවෙලා හමාරයි" - විපක්ෂ නායක සජිත්
Local
01 May 2026
රුමේෂ් තරංග ලෝකයෙන්ම 7වැනි තැනට
Local
01 May 2026
බළල් පවුලේ සතුන් සුරැකීමේ ජාත්‍යන්තර සන්ධානයට ශ්‍රී ලංකාව එක්වෙයි
Local
01 May 2026
ඉරානය පාකිස්ථාන මැදිහත්කරුවන් වෙත නව යෝජනාවක් ඉදිරිපත් කරයි
Local
01 May 2026