General01 May 2026

සේවා කාලය අවසන් කර මෙරටින් නික්ම යන ශ්‍රී ලංකාවේ නේපාල තානාපතිවරයා අගමැතිනිය හමුවෙයි

ශ්‍රී ලංකාවේ සේවය නිම කර නික්ම යන නේපාල තානාපති ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි (H.E. Dr. Pua Bahadur Nepali) ඊයේ (30) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී තිබෙනවා.

ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි සිය ධූර කාලය තුළ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉටුකළ සේවය අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට ලක් වූ අතර විශේෂයෙන් දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කිරීමට ඒ මහතා දැක්වූ දායකත්වය පිළිබඳව සිය ස්තූතිය පළ කර තිබෙනවා.

නේපාලය සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රගතිය සඳහා සහයෝගීතාව ඉහළ නැංවීමටත් ශ්‍රී ලංකාව කැපවී සිටින බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී තහවුරු කර සිටියා.
Related recommendation
Hiru TV News | Programmes