General02 May 2026

රට යන භික්ෂූන්ට යළිත් තද නීති!

භික්ෂූන් වහන්සේලා විදේශගත වීමේදී සිය විහාරාධිපති හිමියන්, ප්‍රාදේශීය නායක හිමියන් සහ අදාළ නිකායේ මහ නායක හිමිවරුන්ගෙන් නිර්දේශ ලබාගත යුතු බවට පැවති නීතිය ඉදිරියේදී යළි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසනවා.

ඔහු කියා සිටියේ පසුගිය කාලයේ යම් යම් හේතූන් මත මෙම ක්‍රියාවලිය නතර වී තිබූ බවයි.

මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශයක සිට මෙරටට පැමිණි චීවරධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ඇතුළු සාසන විරෝධී සිද්ධීන් වාර්තා වීමත් සමග මහ නාහිමිවරුන්ගේ උපදෙස් පරිදි ලේඛකාධිකාරි හිමිවරුන් සමග පැවති සාකච්ඡාවකදී මෙම නිර්දේශ යළි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් සිදුකළ බවයි ඔහු කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes