රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුතු කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට ගෙන ඒමේ සිද්ධිවට අදාළව අත්අඩංගුවට ගත් චීවරධාරීන් 23 දෙනා ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ අද (02) මීගමුව වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් සුභානී අබේසේකර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රුපියල් කෝටි 110 කට අධික වටිනාකමකින් යුත් කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය සමඟ චීවරධාරීන් 22ක් කටුනායක ගුවන්තොටුපලේදී පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 26 වනදායි.
ගමන් මළු තුළ සඟවා ගෙනැවිත් තිබූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112 ක් පමණ එහිදී සොයාගත් අතර, පොලිසිය පැවසුවේ එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 110 කට අධික බවයි.
අමිතානන්ද නම් චීවරධාරියෙකු විසින් මෙම පිරිස මෙහෙයවා මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒමට කටයුතු කළ බවයි වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබුණේ.
මේ අතර, භික්ෂූන් වහන්සේ විදේශගත වීමේදී සිය විහාරාධිපති හිමියන්, ප්‍රාදේශීය නායක හිමියන් සහ අදාළ නිකායේ මහනායක හිමිවරුන්ගෙන් නිර්දේශ ලබාගත යුතු බවට පැවති නීතිය යළි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසනවා.
ඔහු කියා සිටියේ පසුගිය කාලයේ යම් යම් හේතූන් මත මෙම ක්‍රියාවලිය නතර වී තිබූ බවයි.

Latest News
මහා භාණ්ඩාගාර සහකාර අධ්යක්ෂවරයාගේ අවසන් කටයුතු සිදුකෙරේ
Local
02 May 2026
ඉරාන තෙල් මිලදී ගන්නා සමාගම්වලට පැනවූ ඇමරිකානු සම්බාධක චීනය ප්‍රතික්ෂේප කරයි
Local
02 May 2026
මත්ද්‍රව්‍ය සිද්ධියට කොටුවූ චීවරධාරීන් පිරිස රිමාන්ඩ්
Local
02 May 2026
හෙට සිට කොළඹ අවට විශේෂ රථ වාහන සැලැස්මක්
Local
02 May 2026
ප්‍රදේශ රැසක් උණුසුම් වෙයි
Local
02 May 2026
රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා හෙට දිවයිනට
Local
02 May 2026
හෝමුස් විවෘත කිරීමේ ඉරාන යෝජනාව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි
Local
02 May 2026
වසර 25කට පසු මහින්දානන්ද පදනම සතු වූ දේපල යළි දුම්රිය දෙපාර්තමේන්තුවට
Local
02 May 2026
හඳයාගේ සමීපතමයින් දෙදෙනෙකු අත්අඩංගුවට
Local
02 May 2026
වසරේ ගතවූ මාස කිහිපය තුළ සංචාරකයින් 858,527 ක පිරිසක් දිවයිනට
Local
02 May 2026