කිරිබත්ගොඩ නගරයේ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසලක ගමන් මලු භාරගන්නා ස්ථානයේ තබන ලද, රුපියල් දෙලක්ෂ හැටපන්දහසක් පමණ වටිනා ලැප්ටොප් පරිගණකයක් ඇතුළු උපාංග සහිත මල්ලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් එම ස්ථානයේ සේවය කළ සේවිකාවක කිරිබත්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සුපිරි වෙළෙඳසලට පැමිණි පැමිණිලිකාර විශ්වවිද්‍යාල සිසුවා ඔහුගේ ගමන් මල්ල අදාල අංශයට භාර දී ඒ සඳහා වන ටෝකන් පත ලබාගෙන ඇති බවත්, පසුව භාණ්ඩ මිලදී ගැනීමෙන් අනතුරුව නැවත පැමිණ සිය මල්ල ඉල්ලා සිටියද, එය එහි නොතිබුණු බවට පැමිණිල්ලක් කර ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.
මෙම පැමිණිල්ලට අදාලව සැකකාර සේවිකාව අත්අඩංගුවට ගත් බවත් මෙලෙස අත්අඩංගුවට ගත්තේ මාතර, මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් පොලිසිය පවසනවා.
කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ඕ. පී. අබේරත්නගේ උපදෙස් මත, අපරාධ මර්දන විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ නන්දසිරි, පොලිස් සැරයන්වරුන් වන සේනාධීර (9087), තිලකසිරි (48870), පොලිස් කොස්තාපල්වරුන් වන පත්මසිරි (79778), නන්දසිරි (93652), යොහාන් (99918), ප්‍රදීප් (102055) සහ කාන්තා පොලිස් කොස්තාපල් නිලූකා (8412) යන නිලධාරීන් මෙම වැටලීමට එක්වූණා.
Latest News
වනඅලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට
Local
03 May 2026
දිල්ලියේ නිවාස සංකිීර්ණයක ගින්නක් : 09 දෙනෙකු ජීවිතක්ෂයට
Local
03 May 2026
අමෙරිකානු හමුදා ඉවත් කරගැනීමේ තීරණය කළින්ම අපේක්ෂා කළ එකක්: ජර්මනිය
Local
03 May 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ජූනි මාසයේදී
Local
03 May 2026
ආනයනික වාහන මිල ඉහළ යා හැකි බවට වාහන ආනයනකරුවන් කියයි
Local
03 May 2026
මහා භාණ්ඩාගාරයේ සිද්ධිය ගැන ජනපතිගේ නිහඬ පිළිවෙත ගැටළු සහගතයි - ෆ්‍රී ලෝයර්ස්
Local
03 May 2026
හබරාදුවදී නිවෙසකට අකුණු වැදී නිදහස් වෙළෙඳ කලාප සේවිකාවක මරුට - තවත් තරුණියකට බරපතලයි
Local
03 May 2026
සුපිරි වෙළෙඳසලකදී සරසවි සිසුවකුගේ ලැප්ටොප් මල්ල අතුරුදන් කළ සේවිකාවක් අත්අඩංගුවට
Local
03 May 2026
චමින්ද කුලරත්නගේ සේවය තහනම් කිරීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයෙන් ප්‍රතිචාර
Local
03 May 2026
ඉන්දියාව දිගු දුර මිසයිලවලින් හමුදාව සන්නද්ධ කරයි
Local
03 May 2026