General07 May 2026

වියට්නාම ජනාධිපති අද මෙරටට

දෙදින නිල සංචාරයක් සඳහා වියට්නාම ජනාධිපති ටූ ටෝ ලැම් අද (07) රාත්‍රියේදී මෙරටට පැමිණීමට නියමිතයි. ‍

මේ වනවිට ඉන්දියාවේ රාජ්‍ය සංචාරක නිතරව සිටින වියට්නාම ජනාධිපතිවරයා එම සංචාරය අවසන් කර මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුවයි.

වියට්නාම ජනාධිපතිවරයා හෙට දක්වා මෙරට රැදී සිටින අතර, එම කාල සීමාව තුළ කොළඹ නගරය ආශ්‍රිතව මෙම විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ.
Related recommendation
Hiru TV News | Programmes