ව්‍යාපාරික ස්ථානයකට තියුණු ආයුධ සහ යකඩ පොලු රැගෙන ඇතුළු වූ කාන්තාවන් හය දෙනකු ඇතුළු දස දෙනෙකුගෙන් යුත් කොල්ලකරුවන් පිරිසක් සේවකයින්ට පහරදී රුපියල් දහතුන් ලක්ෂයකට අධික මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි දෙහිවල පොලිසිය සඳහන් කරනවා.
ඉකුත් 04 වැනිදා සවස 06.30ට පමණ නාඳුනන පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් රූපවාහිනි යන්ත්‍රයක් මිලදී ගැනීමට බව පවසා ව්‍යාපාරික ස්ථානයට ඇතුළු වී ඒ සඳහා රුපියල් 45,000ක මුදලක් අයකැමි වෙත ලබා දී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
ඔවුන් වෙත රූපවාහිනි යන්ත්‍රය ලබාදීම සඳහා එය පරීක්ෂා කරමින් සිටියදී ප්‍රමාද වන බව පවසා එහි සේවකයින් සමග බහින්බස්වීමක් ඇති කරගෙන ලබා දුන් මුදල් ආපසු ලබාගෙන පිටව ගොස් තිබෙනවා.
ඉන් මද වෙලාවකට පසු එම කාන්තාව සහ පිරිමි පුද්ගලයා තවත් කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් කීප දෙනෙකු සමග වෙළෙඳසලට ඇතුළු වී එහි සිටි සේවකයන්ට පහරදී බෑගයක දමා තිබූ රුපියල් 1,309,000ක මුදල කොල්ලකා පලා ගොස් තිබූ බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
කොල්ලකරුවන් පිරිස නැවත පා ගමනින්ම දුම්රිය මාර්ගය ඔස්සේ පලා ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.
එසේම කොල්ලකරුවන්ගේ අදාළ ක්‍රියාකාරකම් සීසීටීවී කැමරාවල සටහන්ව ඇති බව පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Latest News
මඩකලපුව කොට්ඨාශ බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු දෙදෙනා යළි රිමාන්ඩ්
Local
07 May 2026
දෙහිවල ලක්ෂ 13ක් අරන් පැන්න කොල්ල කල්ලියේ කතුන් 06ක්
Local
07 May 2026
යුද්ධය අවසන් කිරීම සඳහා වූ අමෙරිකානු යෝජනාව තවමත් සලකා බලමින් සිටින බව ඉරානය කියයි
Local
07 May 2026
වියට්නාම ජනපතිගේ පාර්ලිමේන්තු සම්ප්රාප්තිය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
Local
07 May 2026
තෝරාගත් අමෙරිකානු iPhone පරිශීලකයින් පිරිසකට ඩොලර් මිලියන 250ක වන්දියක්
Local
07 May 2026
ඉන්දු - වියට්නාම නායකයින් අතර හමුවක්
Local
07 May 2026
රතුගල ආදිවාසී නායකයා අභාවප්රාප්ත වෙයි
Local
07 May 2026
හෝමුස් යළි විවෘත කිරීමේ සැලසුමෙන් ට්රම්ප් හදිසියේම පසුබසියි
Local
07 May 2026
චීනයේදී පදක්කම් දිනූ ශ්රී ලංකා ගුවන් හමුදාවේ ක්රීඩක ක්රීඩිකාවන්ට උසස්විම්
Local
07 May 2026
විජේගේ මහ ඇමති සිහිනය කල් යයි
Local
07 May 2026