General07 May 2026

ඉදිරි පැය 36 දී පළාත් රැසකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි

ඉදිරි පැය 36 දී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ගිඟුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ද අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවයි.
Related recommendation
Hiru TV News | Programmes