General07 May 2026

කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත් විදෙස් ජාතිකයින් 74 දෙනාම මැයි 14 දක්වා රිමාන්ඩ්

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය අපරාධ සිදුකළ බවට සැකපිට ඊයේ (06) කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත් විදෙස් ජාතිකයින් පිරිස මැයි 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද (07) නියෝගකර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වියට්නාම ජාතිකයින් 74 දෙනෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

එම පිරිසෙන් කොටසක් සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes