මුදල් ඉල්ලමින් මවට, පියාට සහ මිත්තණියට පරුෂ වචනයෙන් බැණ වැදුණු සිය වැඩිමල් සහෝදරයාට පිහියෙන් ඇන ඝාතනය කළැයි කියන තරුණයෙකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බොරලැස්ගමුව, ලියනගේ පාරේ පදිංචිව සිටි මොහොමඩ් පයිස් මොහොමඩ් ෆශිල් නමැති 26 හැවිරිදි පරිගණක ක්‍රියාකරුවෙක්.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා පසුගිය දින කිහිපය පුරාම සිය දෙමාපියන්ගෙන් සහ මිත්තණියගෙන් මුදල් ඉල්ලා නිතර ආරවුල් ඇති කරගෙන තිබූ බවයි.
ඊයේ (06) රාත්‍රියේ ද මෙම මුදල් ප්‍රශ්නය මුල් කරගනිමින් නිවසේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, එහිදී සිය වැඩිමල් සහෝදරයා දෙමාපියන්ට සහ මිත්තණියට සිදු කළ දැඩි අපහාස හා බැණ වැදීම් ඉවසාගත නොහැකි වූ තැන, කෝපයට පත් බාල සහෝදරයා පිහියකින් ඔහුට පහර දී ඇතැයි පොලිස් පරීක්ෂණවලින් හෙළිව තිබෙනවා.
ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව සැකකරු විසින්ම බොරලැස්ගමුව පොලිසිය වෙත පැමිණ භාර වී ඇති අතර, තමා මෙම අපරාධය සිදු කළ බවට එහිදී පාපොච්චාරණය කර තිබූ බවයි පොලිසිය පවසන්නේ.
පොලිස් නිලධාරීන් වහාම අදාල නිවෙස වෙත යන විටත් මියගිය තරුණයා නිවස තුළ මුනින් අතට වැටී සිටි බවත්, ඔහුගේ පිට ප්‍රදේශයට, උදරයට සහ දකුණු බාහුවට තියුණු ආයුධයකින් පහරවල් රැසක් එල්ල වී තිබූ බවත් වාර්තා වෙනවා.
මහේස්ත්‍රාත් පරීක්ෂණය නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය විජේසිංහ සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර, නුගේගොඩ අපරාධ පරීක්ෂණාගාරයේ (SOCO) නිලධාරීන් පැමිණ විද්‍යාත්මක සාක්ෂි ලබාගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් සැකකරු අද (07) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.
Latest News
කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත් විදෙස් ජාතිකයින් 74 දෙනාම මැයි 14 දක්වා රිමාන්ඩ්
Local
07 May 2026
උණ රෝගයක් හේතුවෙන් දෙණියායේ පාසල් 4ක් තාවකාලිකව වැසේ
Local
07 May 2026
6 ශ්‍රේණියට ඇතුළත් වීමේ දෙවන වටයේ අභියාචනා අයැදුම්පත් කැඳවීම හෙට සිට
Local
07 May 2026
මුදල් ඉල්ලා දෙමාපියන්ට බැණ වැදුණු සහෝදරයාව මැරූ මල්ලී අත්අඩංගුවට
Local
07 May 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 258.09කින් ඉහළට
Local
07 May 2026
උදේ 10ත් සවස 4ත් අතර අව්වෙන් සමේ පිළිකා ඇති විය හැකියි - සෞඛ්‍ය අංශ
Local
07 May 2026
මැදපෙරදිග කලාපයේ අර්බුදය ගැන ලක් රජය කනස්සල්ලෙන්
Local
07 May 2026
කපිල චන්ද්‍රසේනට වරෙන්තු
Local
07 May 2026
මන්ත්‍රී ඇඳුම් අල්මාරි ඇතුළු පාර්ලිමේන්තුවම පරීක්ෂාවට
Local
07 May 2026
සිය ඉල්ලා අස්වීමේ ලිපිය පිටවුණේ කෙසේ ද? කුරුණෑගල, මාලිමා මන්ත්‍රී ප්‍රශ්න කරයි
Local
07 May 2026