General11 May 2026

අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ සිරුර කුඹුරු ඉඩමක

වෙල්ලාවලි පොලිස් වසමට අයත් සින්නවත්ත ප්‍රදේශයේ කුඹුරු ඉඩමක තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (10) සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත වෙල්ලාවලි පොලිසිය මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබූ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ සින්නවත්ත ප්‍රදේශයේම පදිංචිව සිටි 53 හැවිරිදි පුද්ගලයෙක්.

මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා පසුගිය මැයි මස 08 වනදා සිට අතුරුදන්ව සිටි අයෙක් බවයි.

දින දෙකක පමණ කාලයක් අතුරුදන්ව සිටි මෙම පුද්ගලයාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෙය ඝාතනයක්ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූ මරණයක්ද යන්න සොයා බැලීම සඳහා වෙල්ලාවලි පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.

මළ සිරුර සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (11) දින පැවැත්වීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes