International23 May 2026

චීනයේ ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් 82ක් මරුට

උතුරු චීනයේ ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 82 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය පවසනවා.

"ෂැන්සි (Shanxi) ප්‍රාන්තයේ තොන්ෂු (Tongzhou) සමූහයට අයත් ලියුෂෙන්යු (Liushenyu) ගල් අඟුරු පතලෙහි සිදුවූ ගෑස් පිපිරීම් ස්ථානයෙන් වාර්තාකරුවන්ට දැනගන්නට ලැබුණේ, මෙම අනතුරෙන් පුද්ගල මරණ 82ක් සිදුව ඇති බවයි," යනුවෙන් ෂින්හුවා (Xinhua) රාජ්‍ය පුවත් ඒජන්සිය ප්‍රකාශ කර ඇති බව BBC පුවත් සේවය සඳහන් කරනවා.

මෙම පිපිරීම ඊයේ (22) එරට වේලාවෙන් රාත්‍රී 19:29ට ෂැන්සිහි ගල් අඟුරු පතලක සිදුව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී සේවකයින් 247 දෙනෙකු සේවයේ නියුතු සිටි බව වාර්තා වෙනවා.

එම ස්ථානයේ මුදවා ගැනීමේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
Related recommendation
Hiru TV News | Programmes