General23 May 2026

පෙරහැරක් හේතුවෙන් අද රාත්‍රියේ කොළඹ - මීගමුව මාර්ගයේ කොටසක් වසා දැමේ

කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයේ ගණේමුල්ල මංසන්ධියේ සිට ආනියාකන්ද රෝහල දක්වා කොළඹ දෙසට ධාවනය වන මංතීරු දෙකම අද (23) රාත්‍රී 10:30 සිට අලුයම 1:00 දක්වා රථවාහන ගමනාගමනය සඳහා වසා තබන බව පොලිසිය පවසනවා.

ඒ, හපුගොඩ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ වාර්ෂික වෙසක් පෙරහැර වීදි සංචාරය කිරීම හේතුවෙන්.

ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes