හැටන් දික්ඔය නගරයේ වෙළඳසැලක් තුළදී අඹුසැමි යුවලක් තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර, පවුම් 18ක ස්වර්ණාභරණ කොල්ලකා පලා ගිය ප්‍රධාන සැකකරු අද (23) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර පවසනවා.
බගවන්තලාව පොලිස් වසමට අයත් පෙට්රසෝ තේ වත්තේ පිහිටි නිවසක සැඟව සිටි මෙම සැකකරු පොලිසියට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සොරකම් කරන ලද පවුම් 18ක ස්වර්ණාභරණ තොගයද සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගැනීමට හැකි වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ අත්අඩංගුවට පත් සැකකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු දික්ඔය ප්‍රදේශයෙන් විවාහයක් කරගෙන සිටි අයෙකු බවයි.
ඝාතනයෙන් පසු ඔහු මුහුණු පොත (Facebook) ඔස්සේ හඳුනාගත් කාන්තාවකගේ බගවන්තලාව ප්‍රදේශයේ පිහිටි නිවසකට පැමිණ මෙසේ සැඟව සිට තිබෙනවා.
මේ අතර, ඝාතනයට ලක් වූ අඹුසැමි යුවළගේ දේහයන් මේ වන විට ඔවුන් පවත්වාගෙන ගිය වෙළඳසැලේම තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට (24) දින දික්ඔය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

Latest News
කටුනායකදී පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවිය උදුරා වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට
Local
15 July 2026
සුමති ටෙලි සම්මාන උළෙලේ වසරේ හොඳම ප්රවෘත්ති විකාශය ඇතුළු සම්මාන රැසක් හිරුට
Local
15 July 2026
ඉන්දු - ජපාන 8 වැනි ආරක්ෂක ප්‍රතිපත්ති සංවාදය සාර්ථකව නිමාවට පත්වෙයි
Local
15 July 2026
ශ්‍රී ලංකා හදබිම අධිකාරිය වසා දැමීමට තීරණය කළා අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත
Local
15 July 2026
වහාම නිලවරණයක් පවත්වන්න, නැත්නම් රැස්වීම් තහනම් - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ICCයෙන් දැනුම්දීමක්
Local
15 July 2026
ජාතික හැඳුනුම්පත් නොමැති 2026 සාමාන්‍ය පෙළ පෞද්ගලික අයැදුම්කරුවන්ට භාරකරුගේ හැඳුනුම්පතෙන් ලියාපදිංචි විය හැකියි: විභාග දෙපාර්තමේන්තුව
Local
15 July 2026
මීගමුව නගර සභාවේ නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
15 July 2026
විමල්ගේ සොයුරු සරත් වීරවංශ රිමාන්ඩ්
Local
15 July 2026
කටුනායක වෙඩි තැබීමක්
Local
15 July 2026
මහා භාණ්ඩාගාර වංචා සිද්ධියට අදාලව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ඊමේල් දත්ත පිටපත් කොළඹ විශ්වවිද්‍යාලයට දෙන්න: ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නියෝග
Local
15 July 2026