දිවයිනේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ කල්තියා දැනුම්දීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, අද (25) පස්වරු 4:00 සිට හෙට (26) පස්වරු 4:00 දක්වා පැය 24ක කාලයක් සඳහා මෙම අනතුරු ඇඟවීම් නිවේදනය වලංගු වනු ඇති.
එහිදී, මට්ටම 2 - අවධානයෙන් සිටින්න (Amber) වර්ණයෙන් යුත් නායයෑමේ අනතුරු ඇඟවීම්, කෑගල්ල දිස්ත්‍රික්කය: දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල සහ යටියන්තොට යන ප්‍රදේශ සඳහාත්, රත්නපුර දිස්ත්‍රික්කය: කුරුවිට, රත්නපුර, අයගම සහ ඇහැලියගොඩ යන ප්‍රදේශ සඳහාත්,
මට්ටම 1 - විමසිලිමත් වන්න (Yellow) වර්ණයෙන් යුත් නායයෑමේ අනතුරු ඇඟවීම්,
කොළඹ දිස්ත්‍රික්කය: සීතාවක සහ පාදුක්ක,
ගම්පහ දිස්ත්‍රික්කය: අත්තනගල්ල,
කළුතර දිස්ත්‍රික්කය: පාලින්දනුවර, මතුගම, බුලත්සිංහල, අගලවත්ත, ඉංගිරිය සහ හොරණ,
කෑගල්ල දිස්ත්‍රික්කය: බුලත්කොහුපිටිය,
නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව,
රත්නපුර දිස්ත්‍රික්කය: කිරිඇල්ල, පැල්මඩුල්ල, නිවිතිගල, ඇලපාත සහ කලවාන යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් නිකුත්කර තිබෙනවා.
අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශවල ජීවත් වන ජනතාව නායයෑමේ පූර්ව ලක්ෂණ (පොළොවේ ඇති වන පැලුම්, ගස් හා විදුලි කණු ඇලවීම්, හදිසියේ උල්පත් මතුවීම ආදිය) කෙරෙහි දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, අවශ්‍ය වුවහොත් වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට සූදානමින් සිටින ලෙසත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් දැනුම් දෙනවා.

Latest News
ඕමානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්‍රහාරයක්
Local
12 July 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේදී දෙවැනි නෞකාවටත් ඉරානයෙන් ප්‍රහාර
Local
12 July 2026
කැනඩාවේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට: තවත් පිරිසකට තුවාල
Local
12 July 2026
මැදපෙරදිග දැඩි නොසන්සුන්තාවක්: කටාර් UAE සහ බහරේනයට එල්ල වූ ප්‍රහාර රැසක් ව්‍යර්ථ කෙරේ
Local
12 July 2026
ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
Local
12 July 2026
පාපන්දු ඔට්ටුව පැරදෙයි: නෝර්වේජියන් ගුවන් සමාගමේ නිල සලකුණ බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ ලාංඡනයට මාරු වෙයි
Local
12 July 2026
භාණ්ඩාගාරයේ ඊමේල් පද්ධතිය 2019 වසරේ සිටම යල් පැන ගිහින්: මුදල් කාරක සභාවේදී හෙළිවෙයි
Local
12 July 2026
අද පස්වරුවේ දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි
Local
12 July 2026
ඉරාන ඉලක්ක වෙත අමෙරිකාවෙන් තෙවැනි වරටත් ප්‍රහාර
Local
12 July 2026
ඉරානයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර
Local
12 July 2026