International25 May 2026

අන්තර්ජාල තහනම ඉවත් කිරීමට ඉරාන ජනපතිගෙන් නියෝගයක්

ඉරානය පුරා පනවා තිබූ අන්තර්ජාල ප්‍රවේශ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර, එය යථා තත්ත්වයට පත් කරන ලෙස ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) විසින් විශේෂ නියෝගයක් නිකුත් කර ඇති බව ඉරානයේ සන්නිවේදන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අන්තර්ජාල නිරීක්ෂණ කණ්ඩායමක් වන 'NetBlocks' ආයතනයට අනුව, ඉරාන බලධාරීන් විසින් දින 87කට වැඩි කාලයක් තිස්සේ රට පුරා සම්පූර්ණයෙන්ම පාහේ අන්තර්ජාලය අවහිර කිරීමට පියවර ගෙන තිබුණා.

ඊශ්‍රායලය සහ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට බෝම්බ ප්‍රහාර එල්ල කරන අවස්ථාවේදී එරට සිවිල් වැසියන්ට තොරතුරු සහ යාවත්කාලීන කිරීම් ලබා ගැනීමට මෙම අන්තර්ජාල තහනම දැඩි බාධාවක් වූ අතර, අන්තර්ජාලය මත බෙහෙවින් යැපෙන එරට ව්‍යාපාරික ක්ෂේත්‍රයටද මේ හේතුවෙන් දැවැන්ත පාඩුවක් සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

මූලාශ්‍රය - අල්ජසීරා
Related recommendation
Hiru TV News | Programmes